Advertisement

කොරෝනා වයිරසය පැතිර යාම නිසා ඇදිරි නීතිය පනවා ඇති ‌‌අවස්ථාවක හිටපු ජනාධිපති ‌මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා සිය ‌කොළඹ, ‌ක්‍මේබ්‍රිජ් ප්ලේස්හි පිහිටි සුවිසල් නිවෙසේ ඉහළම විවෘත මහලෙහි සාදයක් (Pool Party) පවත්වා ඇති බව වාර්තා වනවා. මේ සම්බන්ධයෙන් ‘සන්‌‌ඩේ ටයිම්ස්’ පුවත්පතේ ‌ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී නාමිනී විජේදාස ‌පොලිසිය ‌වෙත පැමිණිලි ‌කොට තිබෙනවා..

ඊ‌‌යේ (28) රාත්‍රී ඇරැඹි ‌මෙම සාදය අද අලුයම 2.30 දක්වා පැවැති බව ‌පෙන්වා ‌දෙන මාධ්‍යවේදිනිය, ඇදිරි නීතිය පනවා තිබෙන ‌මෙවන් අවස්ථාවකදී ‌මෙවැනි සාදයක් පැවැත්වීම ප්‍රශ්නාර්ථයක් බවත්, ‌පොලිස් නිලධාරීන් පවා කිසිවක් ‌නොකොට ඒ අවස්ථාවේ මාර්ගයේ රැදී සිටි බවත් සදහන් කරනවා.

මේ සම්බන්ධයෙන් නාමිනී විජේදාස මාධ්‍යවේදිනිය ‘වට්ස්ඇප්’ මාර්ගයෙන් ‌නියෝජ්‍ය පොලිස්පති අජිත් ‌රෝහණ මහතාට දැනුම් දුන් බවත්, එම පණිවුඩය අජිත් ‌රෝහණ මහතා දැක තිබුණද තමන් ලබා දුන් කිසිදු ඇමතුමකට ඒ මහතා පිළීතුරු ‌නොදුන් බවත් ඇය සදහන් ‌කොට තිබෙනවා.

ඒ අනුව මාධ්‍යවේදිනියක ‌ලෙස තමන් ‌මෙය ජනතාව ඉදිරියට රැගෙන යන බවත් නාමිනී සදහන් ‌කරනවා.

සිය ‌‌‌ෆේස්බුක් පිටුවෙහි සදහනක් තබමින් ඇය ‌මේ බව අනාවරණය ‌කොට තිබුණා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements