Advertisement

අනුරාධපුර බන්ධනාගාරයේ නොසන්සුන්තත්ත්වයක් ඇති වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ බන්ධනාගාරය තුළින් වෙඩි තැබීමක් සිදුව ඇති බවයි.
කොරෝනා රෝගියෙකු බවට සැකකෙරෙන රැඳවූවෙකු මීට දින කිහිපයකට පෙර මෙම බන්ධනාගාරයෙන් හඳුනාගැනුණු අතර ඔහුව ප්‍රතිකාර සඳහා රෝහල්ගත කෙරුණි.

එම සිද්ධියත් සමඟ බන්ධනාගාරයේ රැඳවූවන් අද නොසන්සුන්කාරී ලෙස හැසිරුණි.

බන්ධනාගාරය තුළ මේ වනවිට ගින්නක් හටගෙන ඇති අතර තත්ත්වය පාලනයට පොලීසිය , පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව කැඳවා තිබේ.

ඇතිවූ නොසන්සුන් තත්ත්වය අතරතුර එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙහිදී තවත් රැඳවියන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව අනුරාධපුර රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements