Advertisement

ජනප්‍රිය බොලිවුඩ් ගායන ශිල්පිනී කණිකා කපූර් කොරෝනා වෛරසය වැළඳී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පහුගිය දින කිහිපයක සිට පැවතුන අසනීප ගති හේතුවෙන් ඇය අදාළ පරීක්ෂණයන්ට භාජනය වී ඇති අතර වෛරසය අසාදනය වී ඇති බවට අනාවරණය වී ඇත්තේ ඉන් පසුවයි.

වෛරසය අසාදනය වුණාට පසු මිනිසුන් ගැවසෙන ප්‍රසිද්ධ ස්ථාන කිහිපයකම හැසිරුණ කණිකාගේ නොසැලිකිලිමත් බව, යන කාරණා මුල් කරගෙන ලක්නව් පොලිසිය ඇයට නඩු පවරා ඇති බවද වාර්තා වනවා.

වෛරසය අසාදනය වීමෙන් පසු කණිකා ප්‍රසිද්ධ උත්සව ගණනාවකටම සහභාගී ඇති අතර ඉන් කිහිපයකටම ප්‍රධාන දේශපාලන නායකයින් ඇතුළු ජනප්‍රිය පුද්ගලයින් රැසක් සහභාගී වී තිබෙනවා.

ලක්නව් ප්‍රධාන වෛද්‍ය නිළධාරියා සිදුකළ පැමිණිල්ලකට අනුව ඊයේ දිනයේදී ඇයට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීමට පොලිසිය කටයුතු කර තිබුණා.

මෙලෙස කොරෝනා වෛරසය අසාදිත ඉන්දියාවේ පළමු සුපිරි තරුව බවට පත්වන්නේද බේබි ඩෝල් අන්වර්ථ නාමය ගත් ජනප්‍රිය ගායන ශිල්පිනියක් වූ කණිකා කපූර් බවයි වාර්තා වන්නේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements