ජපුර සරසවි සිසුවාගේ හිසට ටයරය දැමූ සිසුන් වරද පිළිගනී – මිනීමැරීමට තැත් කළ බව තහවුරුයි
gossip
,
gossip lanaka
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hiru gossip
,
Japura
,
Latest News
,
mini-gossip
,
neth gossip
,
News
,
university
,
web gossip
ජයවර්ධන පුර සරසවියේ පළමු වසරේ සිසුවකුගේ ඇඟට ටයරයක් පෙරළා මරණීය තුවාල සිදුකළ බව කියන සිද්ධියට සම්බන්ධ සිසුන් පස්දෙනාට විරුද්ධව මිනීමැරීමට තැත් කිරීම සහ විශ්ව විද්‍යාල නවක වද පනතට අදාළව නඩු පවරන බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළා.
එම ටයරය පෙරළු සිසුවාත් ඊට අනුබල දුන් සිව්දෙනාත් වරද පිළිගෙන ඇති නිසා මෙලෙස නඩු පවරන බව හෙතෙම සඳහන් කර සිටියා.
සිසුන් බීමත්ව නවක සිසුන් සිද්ධිය සිදු වූ රාත්‍රියේ බලහත්කාරයෙන් රඳවාගෙන සිටි බවට සාක්ෂි හරහා තහවුරු වී ඇති බවද තෙන්නකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කළා.
මෙම සිද්ධියෙන් ජ’පුර සරසවියේ කළමනාකරණ පීඨයේ පළමු වසරේ සිසුවකු වන පසිඳු හිරුෂාන් බරපතළ තුවාල ලබා මේ වනවිට ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම පීඨයේම සිව්වැනි වසරේ ඉගෙනුම ලබන සිසුන් පස් දෙනකු බව පොලීසිය සඳහන් කරනවා.

