Advertisement

හෙරොයින් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් කන්ටේනර් රථය සිදු කරනු ලැබුවේ අදාළ භාණ්ඩය ප්‍රවාහනය කිරීම පමණක් බව සීමාසහිත එස්.ඒ.වෙල්ගම සහ පුත්‍ර සමාගමේ කළමනාකාරීත්වය පවසයි.

පසුගිය මාර්තු මස 12 වන දින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලද තොරතුක් මත් කන්ටේනර් රථයක් සහ ඊට පිටුපසින් පැමිණි මෝටර් රථයක්, ඩීමෝ බට්ටා වර්ගයේ ලොරි රථයක් වෙන්නප්පුව ලුණුවිල, ප්‍රදේශයේ දී අත්අඩංගුවට පත් විය.


එම අවස්ථාවේදී කන්ටේනර් රථය සහ අනෙක් රථ දෙකේ සිටි පාකිස්ථාන ජාතිකයෙකු ඇතුළු 7 ක් සැකපිට අත්අඩංගුවට පත්වු අතර කන්ටේනර් රථය කොච්චිකඩේ මහජන ක්‍රිඩාංගනයට රැගෙන ගොස් පරීක්ෂා කර තිබුණි.
එම අවස්ථාවේ දී කන්ටේනර් රථයේ අර්තාපල් ගෝනි තොගයක් තිබී ඇති අතර, එම ගෝනි තුළ ව්‍යාජව සකස් කරන ලද අර්තාපල් තිබී ඇත.
එම පළුදු කර බැලීමේ දී හෙරොයින් කිලෝ ග්‍රෑම් 99 ක් හා ග්‍රෑම් 478 ක් සොයා ගැනිනි. එහිදී අර්තාපල් තොගය මෙරටට ආනයනය කරන ලද සමාගමේ පුද්ගලයින් තිදෙනෙක් සහ මෙම බහාලුම මුදවා ගැනීමට පැමිණි පුද්ගලයෙක් ද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මඟින් අත්අඩංගුවට පත්විය.

ඒ අනුව වෙල්ගම සහ පුත්‍ර සමාගම වැඩි දුරටත් පවසා සිටියේ, ඔවුන් සිදු කරනු ලැබුවේ මෙරටට ආනයනය කළ භාණ්ඩ අඩංගු කන්ටේනරය ප්‍රවාහනය කිරීම පමණක් වන බවයි.

තම සමාගම ප්‍රවාහන සේවා සපයන ආයතනයක් පමණක් වන බවද ඔවුන් වැඩි දුරටත් සඳහන් කරයි. අදාළ භාණ්ඩ ආනයනය කළ අයගේ ඇණවුම මත මුදල් අය කර ප්‍රවාහන සේවාව තම ආයතනයෙන් සැපයු බවද එහි කළමනාකාරීත්වය වැඩිදුරටත් සඳහන් කරයි.

එමෙන්ම එස්.ඒ.වෙල්ගම සහ පුත්‍ර සමාගමට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ද සඳහන් කරයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements