ශාරුක් ඛාන් සැබෑ කළ සිසුවියගේ සිහිනය [VIDEO]
gossip
,
gossip lanka
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hot news
,
latest
,
Latest News
,
Latest-News
,
News
,
Shah Rukh Khan
,
video
උතුරු ඉන්දීය නළු ශාරුක් ඛාන් පිළිකා රෝගීන්ගේ සිට ඇසිඩ් ප්‍රහාරයට ගොදුරු වූවන් දක්වා වූ සෑම තරාතිරමකම පුද්ගලයින්ට උදව් කර ඇත. ඔහු බොහෝ දුරට නිහඬ පුණ්‍යාධාරකරුවෙකි.
යළිත් වරක් තවත් අයෙකුගේ සිහිනයක් සැබෑ කර ගැනීම සඳහා, සත්ව විද්‍යාව, පරිසර විද්‍යාව සහ අණුක අධ්‍යයනයන් තුළින් ගොවිතැන් කටයුතු වර්ධනය කරගැනීම පිළිබඳව පර්යේශන කරන කේරළයේ තරුණ පර්යේෂකාවියක් වන ගෝපිකා කොටන්තාරයිල් බාසි වෙත “ලා ට්‍රෝබ් විශ්ව විද්‍යාලයේ” ආචාර්ය උපාධිය වෙනුවෙන් පූර්ණ ශිෂ්‍යත්වයක් වරට පිරිනමන ලදී.
ඉන්දියානු කාන්තාවන් 800 කට වැඩි පිරිසකගෙන් තෝරාගත් ඇයට බදාදා පැවති උත්සවයකදී සිව් අවුරුදු ශිෂ්‍යත්වයක් පිරිනමන ලදී.
බොලිවුඩයේ කිං ඛාන්ට ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලය විසින් ගෞරව උපාධියක් පිරිනැමීමෙන් පසු මෙම සම්මානය පසුගිය වසරේදී නිර්මාණය කරන ලදී.
සිව් අවුරුදු ශිෂ්‍යත්ව වැඩසටහන සෞඛ්‍ය, ක්‍රීඩා, තොරතුරු තාක්‍ෂණය, සයිබර් ආරක්ෂාව හෝ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ පර්යේෂණ සඳහා ඉන්දියානු කාන්තා අපේක්ෂකයින්ට ලබා දීමට නියමිතය.
සම්මානය ලබා ගන්නා ඕනෑම කෙනෙකුට ඕස්ට්‍රේලියානු ඩොලර් 200,000 ක් ප්‍රදානය කෙරේ.

