Featured News

Video Gossip

Advertisement

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා බදුල්ල දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහමැතිවරණයට ඉදිරිපත් කිරීමට යෝජනා වී ඇති බව වාර්තා වේ.

සෙසු දිස්ත්‍රික්ක වලට සාපේක්ෂව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බදුල්ල දිස්ත්‍රික්කයේදී යම් පසුබෑමකට මුහුණ පා සිටින අතර ඊට මූලික හේතුව වී ඇත්තේ මුල පටන්ම එම පක්ෂය වෙනුවෙන් බදුල්ලේ සංවිධාන කටයුතු කළ කුමාර වෙල්ගම මහතා ජනාධිපතිවරණය ආසන්නයේදී පක්ෂයෙන් ඉවත්ව යාමය. ඔහුගේ පුරප්පාඩුවට පත් කළ තේනුක විදාන ගමගේ මහතා සාර්ථකත්වයක් ලැබුවේ නැත.

මේ අතර මේ වනවිට බදුල්ල දිස්ත්‍රික්කයට තරගවැදීමට නියමිත ප්‍රධාන චරිත දෙක වන්නේ අවසන් මොහොතේ පොහොට්ටු සාමාජිකත්වය ලබාගත් ඩිලාන් පෙරේරා මහතා සහ පොහොට්ටු සාමාජිකයකු නොවන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතාය. මොවුන් දෙදෙනාම පොදුවේ ජනතාව අතර දැඩි ලෙස අපකීර්තියට පත්ව සිටින අතර දිස්ත්‍රික්කයක් තබා තමන්ගේ ආසනවත් රැකගත නොහැකි මට්ටමක පසුවෙති.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කය සඳහා දක්ෂ, තරුණ නායකත්වයක් මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ සෘජු නියෝජනයක් වශයෙන් යෝෂිත රාජපක්ෂ මහතාව ඉදිරිපත් කළ යුතු බවට බැසිල් රාජපක්ෂ මහතා විසින් යෝජනා කර ඇතැයි ආරංචිමාර්ග සඳහන් කරයි. මෙය වත්මන් තත්වය අනුව උපාය මාර්ගික වශයෙන් ඉතාම වැදගත් සහ නිවැරදි යෝජනාවක් වන නමුත් මේ සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ මහතා මෙතෙක් අවසන් තීරණයකට එළඹ නොමැති බව ද ආරංචිමාර්ග පැවසීය.

කෙසේවෙතත් පූර්ණ කාලීනව දේශපාලනයට එක්වීමට ටික කලක සිටම සූදානම් වෙමින් සිටින ඒ මහතා මේ වනවිට නාවික හමුදාවෙන් ඉවත්වීම සඳහා අයදුම් කර ඇති බවත් සඳහන්

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements