Featured News

Video Gossip

Advertisement

රාජ්‍ය බුද්ධි සේවාව රටේ අස්සක් මුල්ලක් නෑර කළ මෙහෙවර
ආසාදනය වූ අය ආගිය තැන්, ඇසුරු කළ පුද්ගලයන් හා රෝගීන්ගේ වගතුග සොයා ගිය හැටි

මෙරටින් පළමු කොරෝනා රෝගියා ලෙසින් චීන කතක් හමුවීමත් සමග එය පැතිරයාම වැළැක්වීමට ජනපතිවරයා භාරධූර කාර්යයක් පවරා දී තිබුණේ බ්‍රිගේඩියර් සුරේෂ් සලෛයි යටතේ වූ රාජ්‍ය බුද්ධි සේවාව (SIS) වෙතයි.

සෞඛ්‍ය බලධාරීන් හා යුද හමුදාව ඉදිරි සෞඛ්‍ය කටයුතු සඳහා මෙහෙයුමක් අරඹද්දී රාජ්‍ය බුද්ධි සේවාව රටට අභියෝගයක් වූ කෙරෝනා වෛරසයට එරෙහි බුද්ධි ක්‍රියාන්විතයක් ඇරඹූහ. ඔවුන් ක්‍රියාත්මක වූයේ රෝගය ආසාදනය වූ අය ආගිය තැන්, ඇසුරු කළ පුද්ගලයන් හා රෝගීන්ගේ වගතුග සොයා ගනිමින්ය.

චීන කාන්තාවකට මෙරට දී කොවිඩ් වෛරසය වැලඳීමත් සමඟ ඇය නිතර හමු වූ අය ඇතුළු හැත්තෑදෙදනකු සොයා නිරෝදායන ක්‍රියාවලියකට ලක් කළ නිසා පළමු රෝගියාගෙන් මෙය ව්‍යාප්ත වීම වැළැක්වීමට බුද්ධි මෙහෙයුමෙන් හැකි වුණා.
එම බුද්ධි මෙහෙයුම නිසා රෝගය ව්‍යාප්ත වන්නට පෙර ඇසුරු කළ පුද්ගලයන් හඳුනා ගත් නිසා චීන කතගෙන් ආසාදිතයන් බෝවීම වළක්වා ගැනීමට සෞඛ්‍ය අංශවලට පහසුවක් ද වුණා..

දෙවැනියට මෙරටින් කොවිඩ් ආසාදනය වූ ලාංකිකයා වූ ඉතාලියේ සිට පැමිණි සංචාරකයින් මග පෙන්වූ මත්තෙගොඩ පදිංචි සංචාරක මග පෙන්වන්නා සොයා ගත් වහාම ඔහු ආගිය තැන් සොයා කළ බුද්ධි මෙහෙයුමෙන් පනස්හය දෙනකුව සොයා ගැනුනා.

ඔහු සමග ගිය තවත් අයෙකුට රෝගය වැලඳුණු බව හඳුනාගනිමින් මෙරටින් තුන්වැනි ආසාදිතයා සොයාගත්තේත් රාජ්‍ය බුද්ධි සේවාව රටේ අස්සක් මුල්ලක් නෑර කළ මෙහෙවර නිසායි.

ඔවුන්ගේ සහායට යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායද රට පුරා තොරතුරු සෙවීමට යෙදවූ අතර තුන්වැනි ආසාදිතයාට සම්බන්ද වූ තවත් දාහත්දෙනකුව හඳුනාගත්තේ ද එම මෙහෙයුමේම ප්‍රතිඵලයකිනි.

මැණික් ව්‍යාපාරිකයා තමාට උණ රෝගය තිබියදී පුද්ගලික රෝහල් ඇතුළු තැන්වල කරක් ගසමින් රෝග වාහකයකු ලෙස සැරිසරද්දී රාජ්‍ය බුද්ධි සේවයට ලද තොරතුරු මත ඔහුව සොයා ගත්තේය. අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කළ පසුව මොහු සිව්වැනි කොවිඩ් ආසාදිතයා ලෙස හඳුනා ගැනුණා.

ඉන්පසුව කරන ලද පරික්ෂාවේදී ඔහුගේ බිරිය හා දරුවා ද කොවිඩ් ආසාදිතයන් ලෙස අයි.ඩී.එච්. රෝහල් ගත කෙරුණා..

මෙම ජාලය සොයා ගිය බුද්ධි අංශ මීළඟට සොයාගත්තේ මෙකී මැණික් ව්‍යාපාරිකයා සමග ජර්මනියට ගිය අනිත් සගයාවය. ඔහු රත්නපුරය කැළඹූ අනික් මැණික් ව්‍යාපාරිකයාය. ඔහු සමග රත්නපුරයෙන් එකළොස් දෙනකු ද නිරෝධායන ක්‍රියාවලියට ලක් කරන්නේ රෝගය පැතිරයාම වැළැක්වීමටය.

මෙම රත්නපුර මැණික් ව්‍යාපාරිකයාගේ බිරිය හා දියණියටත් කොරෝනා වැලඳී කොළඹ අයි.ඩී.එච්. රෝහලට යොමු කරන්නේ මින් පසුවය.

මෙම සිද්ධියත් සමග ඔවුන් ඇසුරු කළ තවත් 71 දෙනකු ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා.

මැණික් ව්‍යාපාරිකයන් දෙදෙනාගේ නිවෙස්වල හා ඥාති නිවෙස්වල වැඩි ජනගනත්වයක් සිටින ජාතියක් වූයෙන් ඔවුන් අතර රෝගය පැතිරයාම වළක්වාලීම අසීරු කාරණාවක් ද වුණා.

මේ අතරේ ගල්කිස්සේ මැණික් ව්‍යාපාරිකයා හා බිරිය ඇසුරු කළ පනස් පස්දෙනකුට රත්මලාන හා ඔරුගොඩවත්තෙන් හඳුනාගෙන පූනානි නිරෝධායනය මධ්‍යස්ථානය වෙත යවන්නේ අප්‍රේල් 05 දාය.

රත්මලානෙන් මෙම යුවල ඇසුරු කළ තිස්හතරක් පිටත් කෙරුණේය. ඔරුගොඩවත්තෙන් ඔහු හා ඇය ඇසුරු කළ 21ක් සොයා ගත්තා.

ගල්කිස්සේ මැණික් ව්‍යාපාරිකයා ඇසුරු කළ පවුල් කොවිඩ් ආසාදිතයන් වීමේ අවදානම වැඩි නිසා මෙම පියවර ගැනීමට සිදු වූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා තහවුරු කළා.

ගල්කිස්සේ ව්‍යාපාරිකයාගේ මිතුරකු වූ රත්නපුරේ ව්‍යාපාරිකයාත් සමග ඔහුගේ බිරියත්, දියණියත් කොවිඩ් වෛරසයට බිලිවී කෙටි කාලයකින් ඔහුගේ පවුලේ තවත් දෙදෙනකුට රෝගය වැලඳුණා.

ඒ හැට දෙහැවිරිදි ඔහුගේ මව හා 15 හැවිරිදි පුතුටය. ඔවුන් දෙදෙනා පී.සී.ආර්. යන්ත්‍ර මගින් කළ සෙමපටල පරික්ෂාවකින් තහවුරු කරගත්තා. මේ සිද්ධියත් සමග පෙරේදා (08) වන විට රත්නපුර මුද්දුව හා පැල්මඩුල්ලේ මොවුන් ඇසුරු කළ පවුල් 67ක් දියතලාවට නිරෝධායනයට යොමු කළා.

මේ වන විට පැල්මඩුල්ල මාර්ගය ද වසා දමන්නට පවා සිදු වී ඇති අතර ඊයේ (09) උදෑසන 6.00ට රත්නපුර දිස්ත්‍රික්කයට යෙදූ ඇඳිරිනීතිය ඉවත් නොකෙරුණේ ද මේ නිසායි.මේ නිසාම රත්නපුර, පැල්මඬුල්ල පොලිස් බල ප්‍රදේශ හරහා ගමනාගමනය ද සම්පූර්ණයෙන් නැවතුණා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements