Advertisement

කණගාටුදායක ලෙස වැලිසර හමුදා කදවුරේ සෙබල පිරිසකට කොරා්නා වෛරසය ආසාදනය වීම ජනතාව තුල බියක් ඇති වන්නට හැකි නමුත් නාවුක හමුදාව විනයානුකූල හා සංවිධානගත කණ්ඩායමක් නිසා මෙතෙක් පාලනය කල කණ්ඩායම්වලට වඩා මෙම පිරිස පාලනය කර ගැනීමට පහසු වනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

අද වනවිට මෙරට කොරෝනා රෝගීන් වාර්තා වන්නේ වැලිසර නාවික හමුදා කඳවුර සහ කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ බවද ඔහු පැවසීය.

මෙතෙක් පොකුරු වශයෙන් රෝගීන් පැවති අටලුගම, බේරුවල, යාපනය, අකුරණ, රත්නපුර ප‍්‍රදේශවල රෝගීන් මේ වන විට වාර්තා නොවන තත්වයට පත් වී ඇතැයි විශ්වාස කළ හැකි බවද ඔහු සඳහන් කළේය.

තවදුරටත් රෝගය සමාජය තුළ ව්‍යාප්ත මට්ටමක ඇතැයි පෙනෙන්නට නැති නමුත් එසේ වීමේ අවදානම තව දුරටත් පවතින බවද කියා සිටියේය.

මෙම තීරණාත්මක දින කිහිපයේදී ජනතා සහාය ලබා දෙන්නේ නම් තත්වය සතුටුදායක මට්ටමකට පත් කර ගත හැකිව ඇති බවද ඔහු පැවසීය.

ඊයේ (26) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.
gossip gossip lanka

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements