Featured News

Video Gossip

Advertisement

මෙරට තුළ කොරෝනා ව්‍යාප්ත සැලකිය යුතු මට්ටමින් පාලනයට නම් අඩුම තරමින් තවත් මාස තුනක්වත් රට පුරා එක දිගට ඇදිරි නීතිය පැනවිය යුතු බව තම අදහස බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි.

එසේ කළ නොහැකි නම් ඇඳිරි නීතිය කඩින් කඩ ඉවත් නොකර මාසයක කාලයක් ඉතාම තදින් ක්‍රියාත්මක කළ යුතු බව ද ඔහු සඳහන් කළේය.

එසේ කටයුතු නොකළහොත් තත්වය භයානක විය හැකි යැයිද වෛද්‍යවරයා අවධාරණය කරයි.

පවතින රෝගීන් වර්ධනය ගැන සලකා බැලීමේදී තවත් සති දෙකකින් පමණක් කොරෝනා ආසාදිතයන් ගණන දෙගුණයකින් ඉහළ යනු ඇති බව ද ඔහු පැවසීය.

කොරෝනා ව්‍යාප්තිය දැනට පවතින අදියරේ සිට ඊළඟ අදියරට ගියොත් ඇතිවන අවදානම සිතාගත නොහැකි බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements