Featured News

Video Gossip

Advertisement

යටි පතුල් සහ පා ඇඟිලි දම් හෝ නිල් පැහැයට හැරී වේදනාකාරී වීම කොවිඩ් 19 වෛරසයේ නවතම රෝග ලක්ෂණ ලෙස හඳුනාගෙන ඇතැයි අමරිකාවේ පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ ප්‍රධානී වෛද්‍ය එවින් ලෝටෙන්බැක් ප්‍රකාශ කරනවා.
වෙනත් රෝග ලක්ෂණ නොපෙන්වන ළමා හා තරුණ පිරිස අතර පතුල් හා ඇඟිලිවල වැඩි සංවේදිතාව සහිත කොවිඩ් 19 රෝගීන් සිටිය හැකි බව හෙතෙම සඳහන් කරනවා.

ඇතැම් රෝගීන්ගේ පතුල් සහ ඇඟිලි වේදනාවෙන් දින හතක් දහයත් අතර කාලයක් පැවත අතුරුදන්ව යන අතර බහුතරයකට ශ්වසන අපහසුතා දක්වා රෝගය උත්සන්න වන බව වෛද්‍ය ලෝටන්බැක් පවසනවා.

මීට අමතරව රසය සහ සුවඳ දැනීම අහිමි වීමද කොවිඩ් 19 ආසාදිතයන්ට උද්ගත විය හැකි රෝග ලක්ෂණ ලෙස ඉතාලි පර්යේෂකයන් පිරිසක් විසින් පසුගිය මාර්තු මාසයේදී අනාවරණය කරගෙන ඇතැයිද හෙතෙම වැඩිදුරටත් සඳහන් කරනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements