Advertisement

සුදේව හෙට්ටිආරච්චි EAP සමූහයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා වෙයි
රංගන ද සිල්වා එම නාලිකාවේ අධ්‍යක්ෂකවරයෙකු වෙයි

හිරු රූපවාහිනී නාළිකාවේ ප්‍රධාන නිවේදකයින් දෙදෙනෙකු වූ සුදේව හෙට්ටිආරච්චි හා රංගන ද සිල්වා එම නාලිකාවෙන් ඉවත්ව ස්වර්ණවාහිනී නාලිකාව සමඟින් එක්ව ඇති බවට අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ අපවෙත වාර්තා වෙනවා. සුදේව හෙට්ටිආරච්චි හිරු නාළිකාවේ ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර ඔහු හා රංගන ද සිල්වා පසුගිය දිනෙක තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි ආසියානු මාධ්‍ය ජාලයේ ප්‍රධානියා වෙත ලබා දී තිබෙනවා.


ඒ අනුව ඉදිරියේදී මොවුන් දෙදනා අපට දැකගත හැකි වන්නේ ස්වර්ණවාහිනී නාළිකාවෙන් වන අතර අප වෙත ලැබී ඇති තොරතුරු අනුව සුදේව හෙට්ටිආරච්චි EAP සමූහයේ ප්‍රධාන විධායක නිලධාරීවරයෙකු (Group CEO) ලෙස වැඩ භාර ගැනීමට නියමිතයි. එමෙන්ම රංගන ද සිල්වා එම නාලිකාවේ අධ්‍යක්ෂකවරයෙකු ලෙසින් කටයුතු කිරීමට නියමිතව තිබෙනවා.

සුදේව හෙට්ටිආරච්චි හිරු මාධ්‍ය ආයතනයට එකතුවන්නේ 1998 වසරේ වන අතර මේ වනවිට ඔහු එම ආයතනයේ වසර 22 කට අධික කාලයක් සේවය කර තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements