Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

ඕනෑම වසංගත තත්වයන්ටත් මෙම රොබෝවරයා භාවිතා කිරීමට හැකියාව තියනවා
චීනයේ වැනි රටවල්වල භාවිතා කරන  එක් යන්ත්‍රයක් රු. ලක්ෂ 300 ක් 
අපිට මේ රොබෝ යන්ත්‍රය රු. ලක්ෂ 10ට අඩුවෙන් හදන්න පුළුවම්

COVID 19 හෙවත් කොරෝනා වසංගත උවදුර මර්ධනය කිරීමට දරන උත්සාහයේදී දුරස්ථ පාලකයක් මඟින් ක්‍රියාත්මක කරනු ලබන රොබෝවරයෙක් මගින් එසේ වයිරසය පැතිරී ඇති ස්ථාන වල විෂබිජහරණය කිරීම සදහා නිර්මාණය කර ඇත. 

මෙසේ නිර්මාණය කර ඇත්තේ නිසල පෙදෙස පහළ ඉබුල්ගොඩ පදිංචි ඉංජිනේරු තරිඳු සුරාජ් සහ ඔහුගේ කණ්ඩායමයි.

ලංකාවේ දැනට , විෂබීජ නාශනය කිරීම සඳහා සාම්ප්‍රදායිකව භාවිතා කරන විෂබීජ නාශක දියරයන් , සාමාන්‍යයෙන් ඒ සඳහා සැලකිය යුතු කාලයක් ගන්නා අතර මෙම රොබෝ තාක්ෂණය භාවිතා කිරීමෙන් එම කාලය 60% දක්වා අඩු කර ගත හැකි බව ඔවුන්ගේ විස්වාසයයි. 

එමෙන්ම වසංගතයට නිරාවරණය නොවී කිසියම් ස්ථානයක විෂබිජහරණය කිරීම සදහා මෙවැනි රොබෝ යන්ත්‍ර භාවිතා කිරීමේදී මිනිස් සම්පත රැකගැනීමට ඉවහල් වේ. දියර භාවිතා කිරීමට නොහැකි ස්ථාන වලටත්, ඉදිරියේදී මෙවැනි ආකාරයේ එන ඕනෑම වසංගත තත්වයන්ටත් මෙම රොබෝවරයා භාවිතා කිරීමට හැකියාව ඇත. 

එම කණ්ඩාම විසින් 07/04/2020 දින ගම්පහ වික්‍රමාරච්චි රෝහලට අනුබද්ධ පර්යේෂනාගාරයක මෙහි ප්‍රථම අත්හදාබැලිම සිදු කලේ COVID 19 වලටත් වඩා බරපතළ ගණයේ වයිරස් වලටයි. එහිදී පැවැත්වූ පරීක්ෂණ 100% ක්ම සාර්ථක බව වාර්තා වේ. මෙම පරීක්ෂණය මෙහෙය වූ කැලණිය විශ්ව විද්‍යාලයේ ශුද්‍ර ජීවී අංශ ප්‍රධානි මහාචාර්ය ඩි.එල්. රත්නායක මහතා ප්‍රකාශ කළේ මෙම රොබෝ යන්ත්‍රය පාරජම්බුල කිරණ භාවිතා කරමින් සිදු කරණ විෂබිජහරණ ක්‍රියාවලිය 100% කම අනුමත කළ හැකි බවයි.

ඉංජිනේරු තරිඳු සුරාජ් කොලබ ආනන්ද විද්‍යාලයෙන් සිප්සතර ඉගෙනගෙන, මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඉලෙක්ට්‍රෝනික විද්‍යාව හදාරා එම විශ්ව විද්‍යාලයේම දැනට සේවය කරයි. ඒ මහතා පවසන්නේ මෙවැනි රොබෝ යන්ත්‍ර චීනයේ වැනි රටවල්වල භාවිතා කරන අතර එක් යන්ත්‍රයක් රු. ලක්ෂ 300 ක් පමණ වන බවයි. නමුත් ඔවුන් සදා නිම කළ රොබෝ යන්ත්‍රය රු. ලක්ෂ 10ට අඩුවෙන් සාදා සාර්ථකව භාවිතා කළහැකි බව වැඩිමනත්ව පවසයි.

මෙම රොබෝ යන්ත්‍රය සාර්ථක කරගැනීමට ඔවුන්ට උදව් සහ උපකාර කල සියලු දෙනාට විශේෂ ස්තුතියක් කල අතර, මෙහි ඉදිරිගමනට බලධාරීන් ඇතුළු සියළු දෙනාගේ සහයෝගය බලාපොරොත්තු වන බව ඔහු පවසයි.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook