Featured News

Video Gossip

Advertisement

ඔබ සැමට ලබන්නාවූ නව වසර සුභ නව වසරක් වේවා! 
අවුරුදු නැකැත් චාරිත‍්‍ර මෙන්න

අවුරුදු නැකැත් චාරිත්‍ර හා ආගමික කාර්යයන් තම නිවසේ අය සමඟ පමණක් සිදු කරන ලෙස බුද්ධශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය දන්වා සිටී.

පවත්නා තත්ත්වය තුළ නිවසින් බැහැරට යෑම හෝ විවිධ උත්සවාදිය සංවිධානය නොකළ යුතු බව එම අමාත්‍යාංශයේ ලේකම් එම්.කේ. බන්දුල හරිස්චන්ද්‍ර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. මෙම අවස්ථාවේ දී කොරෝනා වෛරසය ව්‍යාප්ත නොවන පරිදි ක්‍රියා කිරීම ශ්‍රී ලංකාවාසී සියල්ලන්ගේම යුතුකම හා වගකීම වන බවත් මෙම අවදානම් තත්ත්වය පාලනය කිරීමට පුරවැසියන් ලෙස සියලු දෙනාගේම සහාය අතිශය වැදගත් බවත් එම නිවේදනයෙහි සඳහන් වේ.

බුද්ධ ශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඇතිව සිංහල අලුත් අවුරුදු රාජ්‍ය නැකත් කමිටුව විසින් ශ්‍රී ලංකාවේ සියලු ප්‍රදේශවලට නොවෙනස්ව භාවිත කළ හැකි ලෙස සකස් කළ 2020 සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර පහත පරිදි වේ.



අලුත් අවුරුදු උදාව

අප්‍රෙල් මස 13 වැනි සඳුදා අපරභාග 08.23ට සිංහල අලුත් අවුරුද්ද උදා වෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වැනි සඳුදා අපරභාග 1.00 පසුවී විනාඩි 59 සිට එදින රාත්‍රී 2.00 පසු වී විනාඩි 47 දක්වා (14 වැනි අඟහරුවාදාට එළිවෙන පාන්දර) පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වැනි සඳුදා අපරභාග 1.59ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත් හි යෙදීම ද පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම් අප්‍රේල් මස 13 වැනි සඳුදා අපරභාග (රාත්‍රී) 8.00 පසුවී විනාඩි 23 සිට එමදා රාත්‍රී 2.00 පසුවී විනාඩි 47 දක්වා පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකැත් චාරිත්‍ර විධි ඉටු කිරීම මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 13 වැනි සඳුදා අපරභාග 10.05ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැඟෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා දී කිරි මිශ්‍ර කිරිබතක්ද තල මිශ්‍ර කැවිලි වර්ගයක් සහ අග්ගලා පිළියෙළ කර ගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 13 වැනි සඳුදා අපරභාග 10.43ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැඟෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා, ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි.

හිසතෙල් ගෑම

අප්‍රේල් මස 15 වැනිදා පූර්වභාග 09.17ට නැඟෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොළොන් පත් ද තබා හරිත වර්ණ (පළාවන්) වස්ත්‍රාභරණයෙන් සැරසී කොහොඹ පත් යුෂ නානු ද තෙල්ද ගා ස්නානය කිරීම මැනවි.

රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම

අප්‍රේල් මස 17 වැනි සිකුරාදා පූර්වභාග 7.56ට ලා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී තල සහ හකුරු මිශ්‍ර කිරිබත් අනුභව කර නැඟෙනහිර දිශාව බලා පිටත්ව යෑම මැනවි.

පැළ සිටුවීම

අප්‍රේල් මස 19 වැනි ඉරිදා පූර්වභාග 11.38ට තඹ වර්ණ (රතු/කහ) වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා පැළ සිටුවීම මැනවි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements