Featured News

Video Gossip

Advertisement

දුම්රය මැදිරි රෝහල් වාට්ටු බවට පත් කරලා
මරණ සංඛ්‍යාව 10,000කට ආසන්නයි

මෙම දැවැන්ත අර්බුදය හමුවේ ක්‍රියාකාරී මට්ටමේ නොවන දුම්රිය මැදිරි රෝහල් බවට පර්වර්තනය කිරීමේ දැඩි තරගයක පිරිසක් නිරතව සිටිති. වසංගතය ආරම්භයේදී ඉන්දියාවේ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මැදිවී 20,000ක් සත්කාරක වාට්ටු බවට පත්කිරීමට පොරොන්දු වු අතර, ඒවා තිර රෙදි සහිත ඇඳන්, හෙද වාට්ටුවක් හා වෛද්‍ය කුටියක් සහිතව නිර්මාණය වන බව කීවේය. ඒ අනුව මේ වනවිට මැදිරි 5,231ක් COVID-19 සත්කාර වාට්ටු බවට පරිවර්තනය කර ඇති බව දුම්රිය මණ්ඩලයේ සභාපති විනෝද් කුමාර් යාදව් සඳහන් කළේය. නමුත් ඉන්දියාවේ වේගයෙන් පැතිර යන වසංගතය හමුවේ මෙය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව විචාරක මතය වී තිබේ.

මීට මාසයකට පෙර දිල්ලියේ මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් පැවසුවේ නගරයේ රෝහල් වෛරසයට එරෙහිව සටන් කිරීමට හොදින් සන්නද්ධව සිටින බවය. “දිල්ලිය දිනනවා. කොරෝනා පරදිනවා" ඔහු කියා සිටියේය. කෙසේ වෙතත් මේ වනවිට ඔහුගෙන් ප්‍රකාශ ලබාගැනීමට මාධ්‍ය කොතරම් උත්සාහ කළත් මහ ඇමතිවරයා, ඔහුගේ කාර්යාලය හෝ නගරයේ සෞඛ්‍ය බලධාරීන් පිළිතුරු සැපයීමට ඉදිරිපත් නොවෙයි.


මහ ඇමතිවරයා මෙම ප්‍රකාශය සිදුකරන කාලයේදී දිල්ලි නගරයේ නව කොරෝනා ආසාදිතයන් 10,000ක් පමණ සිටි අතර, මේ වනවිට එම අගය 41,000ක් ඉක්මවා තිබේ. ඉන්දියාවේ සමස්ත ආසාදිත අගය මේ වනවිට 343,000ක් ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාව 10,000කට ආසන්නය. මේ ආකාරයෙන් ඉන්දියාව තුළ ආසාදිතයන් වැඩිවීමට දිල්ලි, මුම්බායි හා චෙන්නායි යන නගරවල ආසාදිතයන්ගේ වැඩිවීම ප්‍රබලව බලපා ඇති බව සඳහන් වෙයි.

ඒ අනුව ඉන්දියාවේ වෙන්නායි හි සිකුරාදා සිට ජුනි මස අවසානය දක්වා මිලියන 15ක පමණ ජනතාවක් යළිත් අගුලු දැමීමකට ලක්වීමට නියමීතව සිටියි. තමිල්නාඩු ප්‍රාන්ත රජය පවසා සිටියේ, චෙන්නායි, තිරුවල්ලුර්, චෙන්ගල්පේට් සහ කාංචිපුරම් දිස්ත්‍රික්ක ජුනි මස 19දා සිට පුර්ණ අගුලු දැමීමකට ලක්වන බවය.
(ada)







gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements