Advertisement

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට දිය යට ඉදිකරන ලද කෞතුකාගාරය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් ගාල්ල මුහුදු තීරයේ දී විවෘත කිරීම සිදු කරනු ලැබුවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අදහසකට අනුව නාවික හමුදාධිපති ගේ පූර්ණ අධීක්ෂණය යටතේ ගාල්ල මුහුදු තීරයේ මෙම දිය යට කෞතුකාගාරය ඉදි කරනු ලැබුවා.

විශේෂයෙන් දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් ගාලු මුහුදු තීරය කේන්ද්‍ර කර ගනිමින් මෙම කෞතුකාගාරය ඉදිකිරීමට කටයුතු කර ඇති අතර මෙහි නාවික හමුදාව විසින් නිර්මාණය කරන ලද බොහෝ නිර්මාණ ස්ථාපිත කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙම දිය යට කෞතුකාගාරය ගාලු වාරායේ තුල අඩි 50ක් පමණ ගැඹුරට වන්නට පිහිටා ඇති අතර මෙම ප්‍රදේශයේ කිමිදුම් හෝ පිහිනුම් කටයුතු කරන ඕනෑම පුද්ගලයෙකුට පහසුවෙන් නිරික්ෂණය වන පරිදි නිර්මාණය කර තිබෙනවා.

එහි දර්ශන පහතින්





gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements