Featured News

Video Gossip

Advertisement

කොළඹ ජාතික රෝහලේ සිදුවූ රුපියල් ලක්ෂ 79 ක මුදල් මංකොල්ලය වලක්වා සැකකරු හා මුදල් අත්අඩංගුවට ගැනීමට ක‍්‍රියා කල රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව රාජකාරී නිරතව සිටි ආධුනික පොලිස් කොස්තාපල්වරයා දිවි අහිමි කළ ඩිෆෙන්ඩර් රථය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ රථය පදවා ඇත්තේ නීති සිසුවෙකු බවටයි හෙළිවී ඇත්තේ. ඒ අවස්ථාවේ ඔහු බීමත්ව සිට ඇති බවටද තොරතුරු අනාවරණ වී තිබෙනවා.

අනතුරෙන් පසු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති ඩිෆෙන්ඩර් රථයේ රියදුරා හෙට දිනය දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.

බම්බලපිටිය හැව්ලොක් මාර්ගයේ සම්බුද්ධ ජයන්ති මන්දිරය අසලදී ඩිෆෙන්ඩර් රථයක් ගැටී මෙම අනතුර සිදුව තිබුණා. ඒ, මෙම පොලිස් කොස්තාපල්වරයා සහ තවත් නිලධාරියෙකු රැගත් යතුරු පැදිය අදාළ ඩිෆෙන්ඩරයේ ගැටීමෙන්.

මාර්ගයේ ඉදිරියට ධාවනය වෙමින් තිබූ මෙම යතුරු පැදිය එක්වරම මාර්ගයේ අනෙක් පසට ධාවනය කිරීමට යනවාත් සමග අනතුර සිදුව ඇති බවයි මූලික පරීක්‍ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

මෙම රථය පැදවූ නීති සිසුවා රජයේ දේශපාලන පවුලක අයෙකු බවට වාර්තා පළවන වන අතර මියගිය නිලධාරියාගේ සොයුරිය මෙම මරණයේ පරීක්ෂණ සම්බන්ධයෙන් ද සැක පළකර තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements