Featured News

Video Gossip

Advertisement

එම වර්ගයේ ගිනි අවිවලට බලපත්‍ර අවශ්‍ය නෑ
එක්ලක්ෂ පනස්එක්දහස් පන්සියයකට ගත්තයි කිවුවාට කොහෙන්ද කියා නෑ

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරියකු වූ රජීව ප්‍රසාද් ජයවීර (64) මහතා සියදිවි නසා ගැනීමට යොදා ගත් බව කියන ගිනි අවිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් තුනක් විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසනවා.

පොයින්ට් දෙකයි – දෙක ඇරිස්ට්‍රා වර්ගයේ ගිනි අවියක් වන එය ඉලක්කයට වෙඩි තැබීම ඇතුළු ක්‍රීඩා සඳහා යොදා ගන්නා එකක් බවත් එම වර්ගයේ ගිනි අවිවලට බලපත්‍ර අවශ්‍ය නොවන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
ඉකුත් 12 වැනි දින උදෑසන කොළඹ නිදහස් චතුරස්‍රය ආසන්නයේ ගසක් යට වැටී සිටියදී මොහුගේ මළ සිරුර සොයා ගත් අතර ගිනි අවිය මළ සිරුරට යට වී තිබුණා.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියගේ නියෝග මත සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී මෙය හිසට වෙඩි වැදීමෙන් සිදු වූ හානි හේතුවෙන් සිදුවී ඇති මරණයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී තිබෙනවා..

ජයවීර මහතාගේ දේහය බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තබා පෙරේදා (13දා) බොරැල්ල කනත්තේදී භූමදානය කළා.

සිය දිවි නසා ගත් ජයවීර මහතා පැය කිහිපයකට ඉහත දී සහෝදරයාට ඉංග්‍රීසියෙන් ලියූ පරිගණක ගත කළ ලිපියක් පොලිසියට හමු වී තිබූ අතර, රුපියල් එක්ලක්ෂ පනස්එක්දහස් පන්සියයක මුදලකට එය මිලදී ගත් බවට සඳහන් වුවද එසේ ගත්තේ කාගෙන්ද කොහෙන්ද යන්න සඳහන්ව නොතිබුණු බව පොලිසිය සඳහන් කරනවා.

කෙසේ නමුත් එම ගිනි අවිය අනුක්‍රමික අංකය ඔස්සේ දීර්ඝ විමර්ශනයක් සිදුකරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසුවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements