Advertisement

සිංගප්පූරුවේ සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් නම වෙනස් කර ගෙන සිටි නිසා ඔහුව මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වූ බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (03දා) ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලනිප මූලස්ථානයේදී පැවැසීය.

අතේ දියපට්ටා මතුවනතුරු ලිපි ලේඛනවලට අස්සන් 21,000ක් ගැසුවත් කලින් පැවැති ආණ්ඩුවේ ප්‍රධානීන් ඔවුනට තිබෙන ඉතා මිත්‍රශීලී පෞද්ගලික සම්බන්ධතා උපයෝගී කරගනිමින් හෝ හිටපු මහ බැංකු අධිපති මෙරටට ගෙන ඒමට කළ උත්සාහය අවුල් කළ බවද මෛත්‍රිපාල සිරිසේන මහතා කීය.

ඉකුත් යහපාලන රජයේ ගැටුම ඇතිවීමට මුල් වූ කාරණයද හිටපු මහ බැංකු අධිපති පත් කිරීම හා මහ බැංකු බැඳුම්කර සිද්ධිය යැයිද කී හිටපු ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කළේ අස්සන් 21,000ක් යොදා යැවූ ලිපි ගොනු මඟින් ජාත්‍යන්තර පොලිසිය (ඉන්ටර්පෝල්) හරහා හිටපු මහ බැංකු අධිපති අල්ලා ගැනීමට අදාළ රතු නිවේදනය ලබාගැනීමට සමත් වූ නමුත් එවකට පැවැති ආණ්ඩුවේ ප්‍රධානීන් එම රතු නිවේදනය අවුල් කරමින් අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒම වළක්වමින් මෙය දේශපාලන අරමුණක් වෙනුවෙන් සිදුකරන්නක් බවට ජාත්‍යන්තර පොලිසියට දැනුම්දීමට ක්‍රියාකළ බවයි.

ඒ අය කවුරුන්දැයි දන්නෝ දන්නා බවත් මහ බැංකු බැඳුම්කරයෙන් මුදල් ගත් ඒ අයත් මීට අසුවන නිසා එම උත්සාහය අවුල් කළ බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

එහෙත් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උදර්පන නීතියට අනුව හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගනු ඇතැයි විශ්වාස කරන බවද හිටපු ජනාධිපතිවරයා කියා සිටියේය.

ශිරාන් රණසිංහ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements