Advertisement

රෝසි සේනානායක මහත්මිය කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයෙන් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ අවධානය යොමු වී ඇත.

ඊට හේතු වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ කටයුතු සඳහා ඇය සහභාගී නොවීමයි.

කොළඹ මහ නගර සභාව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් නායක රනිල් වික‍්‍රමසිංහ සමග සිරිකොතේදී පවත්වන ලද සාකච්ඡාවකදී මෙම තීන්දුව ගෙන ඇත.
එහිදී මීළඟ කොළඹ නගරාධිපතිවරයා ලෙස යෝජනා වී ඇත්තේ දැනට නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් ඉක්බාල් මහතායි.

නීති අංශ සමග සාකච්ඡා කර අදාල කටයුතු ක්‍රියාත්මක කරන ලෙස දැනටමත් උපදෙස් ලබා දී ඇත.

කොළඹ මහ නගර සභා නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 60 දෙනාගෙන් 58 දෙනෙකු මෙම සාකච්ඡාවට එක්ව සිට ඇති අතර නගරාධිපතිනිය ඊට සහභාගී වී නැත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements