Advertisement

ටී 56 ගිනි අවි 02ක් සහ ජීව උණ්ඩ 210ක් ලග තබාගෙන ඉදලා

නීති විරෝධි අන්දමින් ටී 56 ගිනි අවි 02ක් සහ ජීව උණ්ඩ 210ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු කරණු ලැබු මාලිගාවත්ත බෝධිරාජාරාමාධිපති පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට ඊයේ (01) ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.

ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් ස්වයංක්‍රීය ගිනි අවි සහ ජීව උණ්ඩ සන්තකයේ තබා ගැනීමේ අධිචෝදනාවට විත්තිකාර හිමියන් වරදකරු බවට පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පුකොට ඇති බවට නිගමනය කරමිනි.

2010 ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබියදී ජනවාරී 02 වැනි දා විහාරස්ථානය වැටලූ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එහි සඟවා තිබූ එම අවි තොගය සොයා ගෙන තිබුණි.

ඌවතැන්නේ සුමන හිමියන්ට අමතරව එම විහාරස්ථානයේ විහාරවාසී මාවෙල සුබෝධ හිමි සහ හිටපු එල්ටීටීඊ සාමාජිකයින් යැයි කියන පී. රාජබාලන්, කේ. තමිල්සෙල්වම් සහ චන්ද්‍රනම් සුබ්‍රමනියම් යන අයට ද අධිචෝදනා එල්ල වූ අතර නඩු විභාගය අතරතුරදී ඔවුන් චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements