Featured News

Video Gossip

Advertisement

මාර්තු සහ අප්‍රේල් මාසවල විදුලි බිල්පත් අය කිරීම අත්හිටුවා ඇති බවට තමන් ප්‍රකාශ නොකළ බව හිටපු විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. තමන්ගේ ප්‍රකාශය විකෘති කරමින් එජාපය සහ ජවිපෙ ජනතාවට අසත්‍ය තොරතුරු ලබාදෙමින් සිටින බව ද අලුත්ගමගේ මහතා පවසනවා.
අදාල රූපවාහිනී සාකච්ඡාවේදී තමන් ප්‍රකාශ කළේ මාර්තු සහ අප්‍රේල් යන මාසවල භාවිතා කළ විදුලි ඒකක සඳහා එකවර බිල් සැකසීම හේතුවෙන් නිවාස එ්කකවල විදුලි බිල් සැලකිය යුතු අන්දමකින් ඉහළ ගොස් ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සහනයක් ලබාදීමට විදුලිබල මණ්ඩලය තීරණය කර ඇති බවයි. ඒ අනුව අදාල මාස දෙ‍ෙක් බිල් ගෙවීම සඳහා සහන කාලයක් ලබාදෙන බව එහිදී තමා අවධාරණය කළ බවද අද මහනුවරදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින් ඔහු පවසා තිබෙනවා.

කෙසේ වෙතත් අදාල රූපවාහිනී සාකච්ඡාවේදී අලුත්ගමගේ මහතා පැහැදිලිවම සඳහන් කරන්නේ මාර්තු – අප්‍රේල් මාසවල විදුලි බිල් අය නොකරන බවයි. තමා මෙම ප්‍රකාශය සිදු කරන්නේ හිටපු රාජ්‍ය ඇමතිවරයා ලෙස බව ද ඔහු එහිදී පවසනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements