Advertisement

අයෙකුට කොරෝනා ලකුණු
3ක් නිරෝධායනයට

ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අවමංගල්‍යයට සහභාගී වී සිටි මාධ්‍යවේදියකුට කොරෝනා ලක්ෂණ පහළ කොට ඇති බවත්, ඒ අනුව කිහිපදෙනකු නිරෝධායනය සදහා දැනටමත් යොමු කොට ඇති බවත් දැනගන්නට ඇත.

කොටගල මහජන සෞඛ්‍යය පරික්ෂක සෞන්දර් රාගවන් පවසන්නේ හැටන් දිඹුල ප්‍රදේශයේ දමිල පුවත් පත් කිහිපයක ප්‍රාදේශිය මාධ්‍යවේදියෙකු වශයෙන් කටයුතු කරන අයෙකු සහ ඔහුගේ නිවසේ සිටි අයෙකුත්, රියදුරෙකුත් ඊයේ (02) දින සිට දින 14 ක් ස්වයං නිරෝධනයට යොමු කළ බවකි.

අදාළ මාධ්‍යවේදියා අභවප්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ දේහය බත්තරමුල්ල ප්‍රදේශයේ ඔහුගේ නිවසේ සහ ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ තැන්පත් කර තිබු අවස්ථාව ආවරණ කටයුතු සදහා එම ප්‍රදේශයට ගොස් ආපසු පැමිණ ඇත.

අනතුරුව ඔවුන් හිටපු අමාත්‍යවරයාගේ අවසන් කටයුතු සිදු කිරිමෙන් පසු එම මාධ්‍යවේදියාට කොරෝනා රෝග ලක්ෂණ කිහිපයක් මතු වි ඇති බව පෙනී ගොස් තිබේ.

එම ප්‍රාදේශිය මාධ්‍යයවේදියා ඔහුට රෝගි ලක්ෂණ මතුවිම නිසා දික්ඔය මුලික රෝහල වෙත ගොස් පි.සි.ආර් පරික්ෂණයක්ද සිදු කරගෙන ඇත.

පි.සි.ආර් පරික්ෂණ වාර්තාව ලැබිමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් යලිත් වතාවක් පි.සි.ආර් පරික්ෂණයකට යොමු කරන බවත් එතෙක් එම ප්‍රාදේශිය මාධ්‍යයවේදියා අනෙකුත් දෙදෙනා හැටන් දිඹුල ප්‍රදේශයේ ඔහුන් පදිංචි නිවාස වලම ස්වයං නිරෝධනයට යොමු කළ බවත් මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා වැඩි දුරටත් ප්‍රකාශ කොට තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements