Featured News

Video Gossip

Advertisement

ෆේස්බුක් ඇතුළු සමාජජාල ඔස්සේ සහ යූ ටියුබ් චැනලය ඔස්සේ බොරැල්ලේ සිරිසුමන හිමි සමලිංගිකයකු බවත් මත්පැන් පානය කරන්නකු බවත් රූපලාවණ්‍ය කටයුතු කරමින් සල්ලාල ජීවිතයක් ගෙවන්නකු බවටත් හුවා දක්වමින් ප්‍රසිද්ධ කළ වීඩියෝව සම්පූර්ණ අසත්‍ය කරුණු ඇතුළත් පදනම් විරහිත වීඩියෝවක් බවට සඳහන් කරමින් එම හිමියන් ප්‍රසිද්ධ ගායකයකු වන ඉරාජ් වීරරත්න යන අයට එරෙහිව එන්තරවාසියක් යොමු කර තිබෙනවා.


එම වීඩියෝව සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවටත් අදාළ වීඩියෝ පටය එම ගායකයාට අයත් යූ ටියුබ් චැනලයෙන් වහාම ඉවත් කරන ලෙසත් එන්තරවාසියේ සඳහන් කර ඇති බව වාර්තා වනවා.

බුද්ධ ශාසනය හා දර්ශනය කෙරෙහි වෛරයක් හා ද්වේෂයක් ඇති කිරීමේ වංක අරමුණින් අදාළ වීඩියෝව සකසා ඇති බවත් එමඟින් තමන් අදහනු ලබන ආගමක් ඇදහීමේ, විශ්වාස කිරීමේ, පුහුණු කිරීමේ හා ඉගැන්වීමේ අයිතීන් උල්ලංඝනය කර ඇති බවත් එන්තරවාසියේ සඳහන් කර ඇති අතර අපහාස කිරීමේ අරමුණෙන් පමණක් අදාළ වීඩියෝව නිර්මාණය කර ඇති බව එන්තරවාසියේ සඳහන්.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements