Featured News

Video Gossip

Advertisement

පොලිස් නිලධාරියෙකුටත් තුවාල

ඉන්දියාවේදී මියගිය බවට වාර්තා පළ වූ සංවිධානාක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කාගේ ප්‍රධාන පෙලේ වෙඩික්කරුවෙකු පොලිස් වෙඩි පහරින් ඊයේ ජීවිතක්ෂයට පත්වුණා.

චමින්ද සඳමාල් එදිරිසූරිය නොහොත් චමියා ගම්පහ ප්‍රදේශයේදී පොලිසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් මියගිය බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගනු ලැබූ ඔහු, සඟවා තිබූ ගිනි අවියක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය පෙන්වීමට පොලීසිය සමඟ යමින් සිටියදී ශරීර අවශ්‍යතාවක් ඉටුකරගත යුතු බවට ප්‍රකාශ කර තිබෙනවා.

අනතුරුව පොලිස් රථය නතර කර ඇති අතර, එහිදී ඔහු පොලිස් නිලධාරීන්ගේ ගිනි අවියක් පැහැරගැනීමට උත්සාහ දරා ඇති බවයි වාර්තාවන්නේ.

එහිදී එම ගිනි අවිය ක්‍රියාත්මක වී පොලිස් නිලධාරියෙකු තුවාල ලබා තිබෙනවා.

එම අවස්ථාවේදී පොලිසිය විසින් ආරක්ෂාව සඳහා එල්ල කළ ප්‍රතිප්‍රහාරයෙන් ඔහු මියගිය බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙලෙස මියගිය චමින්ද සඳමාල් එදිරිසූරිය නොහොත් චමියා මල්වතු හිරිපිටිය ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙක්.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements