Featured News

Video Gossip

Advertisement

නැවේ ඉන්ධන ඉවත් කරන්න අමතර නැවක්
ඉන්ධන නෞකාවේ ගින්න තවමත් නිවන්න බෑ

ඉන්දීය වෙරළ ආරක්ෂක බළකාය විසින් ට්විටර් සටහනක් තබමින් සිය නෞකා තුනක් හා ගුවන් යානා දෙකක් MT New Diamond නෞකාවේ ගින්න මැඩපැවැත්වීම සඳහා එම ස්ථානය අසලට පැමිණ සිය දායකත්වය ලබාදෙමින් පවතින බව පවසනවා.

ආපදාවට ලක්වූ නෞකාවේ සේවකයින් නවාතැන් ගන්නා ස්ථානයේ හටගෙන තිබු ගින්න මැඩපැවැත්වීමට හැකිවූ බවත් නෞකාවේ මීටර් දෙකක පමණ පැල්මක් දකින්නට ලැබෙන බවයි ඉන්දීය වෙරළ ආරක්ෂක බළකාය සඳහන් කළේ.

මේ අතර අද අළුයම් කාලයේදී මෙම නෞකාවේ පිපිරිම් දෙකක් සිදුවූ බවත් නෞකාව ධාවනයට යොදා ගන්නා ඩිසල් ගබඩා කොට ඇති ටැංකි පද්ධතියට ගින්න ව්‍යාප්ත වුවහොත් ඉන් දැඩි බලපෑමක් ඇතිවිය හැකි බව සමුද්‍රීය ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේ.


නැවේ ඉන්ධන ඉවත් කරන්න අමතර නැවක්


නැගෙනහිර මුහුදේ ගිනි ගැනීමට ලක්ව ඇති ඉන්ධන නැවෙන් ඉන්ධන කාන්දුවීමක් වුවහොත්, සංවේදී පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමට සියලු පියවර සූදානම් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඉන්ධන ටොන් දෙලක්ෂ හැත්තෑ දහසක් සහිත මෙම නැව ගිනිගැනීම නිසා පිපිරී ගියහොත් හෝ නැව ගිලී ගිය හොත් විශාල පාරිසරික හානියක් සිදු විය හැකියි.

විශේෂයෙන් දැවැන්ත ඉන්ධන කාන්දුවක් සිදු වුවහොත් හම්බන්තොට සිට යාපනය දක්වා වු සංවේදී පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර අතර ඉන්ධන උරා ගත හැකි Oil Boom යෙදීම, ඉන්ධන කාන්දුවක් සිදුවුහොත් එය තනි රටකට පාලනය කිරීම අපහසු නිසා දකුණු ආසියානු කලාපයේ සියලුම රටවල සහාය ලබා ගැනීම සඳහා මුලික පියවර ගැනීම, මෙන්ම මෙම ඉන්ධන නෞකාව අයත් සමාගම සම්බන්ධව නීතිමය පියවර ගැනීම ආදි සියලුම කටයුතු පරිසර අමාත්‍යාංශයේ උපදෙස් පරිදි මධ්‍යම පරිසර අධිකාරිය හා මෙම කාරණයට සම්බන්ධ සියලුම ආයතනවල මැදිහත්වීම මත ගෙන ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඉන්ධන නෞකාවේ ගින්න තවමත් නිවන්න බෑ

ඉන්ධන නෞකාවේ හටගෙන ඇති ගින්න මැඩපවැත්වීම සඳහා මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව,ශ්‍රී ලංකා ගුවන් හමුදාව,ශ්‍රී ලංකා වරාය අධිකාරිය,ඉන්දියානු නාවික හමුදාව හා ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භකර තිබෙනවා.

නෞකාවේ සැළැස්ම අධ්‍යනය කර මෙම ගිනි නිවීමේ කටයුතු එම නෞකාවේ ම ග්‍රීක ජාතික කපිතාන්වරයාගේ උපදෙස් මත මුහුදු ගිනි නිවාරණය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති නාවික හමුදා කණ්ඩායම් මඟින් සිදුකරනු ලබනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ලබා ගත් නවතම දර්ශන මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා








gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements