Featured News

Video Gossip

Advertisement


මුල් වටයේදී කොරෝනා පාලනය කිරීම ගැන ජනතාව ඇතුළු බොහෝ දෙනා අධිතක්සේරුවකට සිටි බවත් එනිසා නැවත වතාවක් රැල්ලක් ඇති වීමට එම තත්වය ඉවහල් වූ බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

කොහේ හෝ තැන අතපසුවීමක් හෝ නොසැලකිල්ලක් සිදු වී ඇතැයි පෙනෙන්නට ඇති බවද ඔහු පවසයි.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමහර අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

කටුනායක මූලික කරගෙන තවත් කොරෝනා පොකුරක් ඇති වීමේ අවදානමක් ඇති බවද කී ඔහු එම අවදානම රටේ ඕනෑම තැනක ඕනෑම මොහොතක ඇතැයිද කියා සිටියේය.

මෙවරද පෙර අවස්ථාවේ මෙන් කොරෝනා පාලනය කිරීම හෝ නොකිරීම තීරණය වන්නේ ජනතාවගේ හැසිරීම් මත බවත් ජනතාව ලබා දෙන සහාය මත වෛරසය පාලනය කිරීමට උපරිම ලෙස උත්සාහ කරන බවද ඔහු පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements