Advertisement


රාත‍්‍රී කාලයේ නිරෝධාන ඇදිරි නීතිය පැනවීමත් සම්බන්ධයෙන් රජය මෙතෙක් තීරණය කරන්න නැතැයි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

මේ මොහොතේ රට ලොක්ඩවුන් කිරීමේ කිසිදු තීරණයක් ගෙන නැතැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

නමුත් ඉදිරි දින කිහිපය තුළ පළාත් අතර සංචරණ සීමා පැනවීමට පියවර ගනු ඇති බවද ඔහු පැවසීය.

පිළියන්දල නගරය හුදෙකලා බවින් නිදහස් කිරීමට කොවිඩ් කමිටුව පසුගියදා ගත් තීරණය වෙනස් කළ යුතු නැතැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කළ පරීක්ෂණ කණ්ඩායමද තහවුරු කර ඇති බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවැසුවේය.

ඉදිරියේදී මෙරට හුදෙකලා කරන ප්‍රදේශ ඉහල යා හැකි බව කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

එහි ප්‍රධානී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ යම් ප්‍රදේශයක කොරෝනා ආසාදිතයන් වර්ධනයක් පෙන්නුම් කළ හොත් වහාම එම ස්ථානයන් හුදකලා කිරීමට සිදුවන බවයි.

මෙරටින් හඳුනා ගන්නා ආසාදිතයන් සංඛ්‍යාව ඉදිරියේදී තවදුරටත් ඉහළ යා හැකි බවද ඒ මහතා කියා සිටියේය.
යුදහමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ගේ ආදරණිය කැදැල්ලේ නෙදුටු ඡායාරූප

මේ දිනවල ලංකාවේ ජනප්‍රිය චරිතයක් තමයි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා. ලංකාවේ යුදහමුදාපති වරයා ලෙස පත්වුණු එතුමා මේ වෙද්දී ලෝකෙම පවතින වසංගතය ලංකාවෙන් තුරන් කරන්න දිවා රෑ නොබලා සේවය කරන කෙනෙක්.ඔහුගේ කැපවීම මහන්සිය නිසාම ඔහුට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශවේන්ද්‍ර සිල්වා මහතාව ලුතිනල් ජෙනරාල් දුරයෙන් තවත් ඉහලම තනතුර වන ජෙනරාල් තනතුර ඔහුට පිරිනැමුවා.දැන් ඔහු ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙනවා.සියලුම ජනතාව බේරා ගැනීමට ඔහු එදා ඉදන් කරපු මේ කැපවීමට අපි සියල්ලම ණයගැති ඔහුට සහා සියලුම රණවිරුවන්ට.

නව කොරෝනා ආසාදිතයින් 650 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 35,387 දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයින් අතර බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා ආසාදිතයින් 12 දෙනෙකු සිටින බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ.
මේවන විටත් ශ්‍රී ලාංකිකයින් ඉතා සුළු වශයෙන් මෙරටට රැගෙන එනවා

ගුවන් තොටුපළ මඟින් වෙනුවෙන් යළි විවෘත කිරීම කොවිඩ් 19 වෛරසය පැතිරයාම සිදුවන ආකාරය අනුව තීරණය කිරීම රජය විසින් සිදුකරනු ඇති බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය. ‍

හමුදාපතිවරයා එසේ ප්‍රකාශ කළේ එක්සත් ජාතිනීගේ සාමසාධක මෙහෙයුම් යටතේ දකුණු සුඩානයේ ක්‍රියාත්මක කරන දෙවන මට්ටමේ රෝහලේ රාජකාරී සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා වෛද්‍ය බලකායේ 7 වන යුද්ධ හමුදා කණ්ඩායමට සුබපැතුම් ඒක්කිරීම වෙනුවෙන් අද (17) දින උදෑසන කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණි අවස්තාවේදීය.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට ඇමෙරිකානු රජය තහනමක් පැනවීමට මුල් වූ හිටපු හමුදා නිලධාරීන් තිදෙනකු ගැන ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෙරටට පැමිණීමෙන් පසු අනාවරණය වී ඇත.
 
මෙම හිටපු හමුදා නිලධාරීන් තිදෙනා ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට දිව්රුම් ප‍්‍රකාශ ලබා දී තිබේ.
ඉදිරි කාලය ඉතාමත්ම තීරණාත්මකයි

ඉදිරි කාලය ඉතාමත්ම තීරණාත්මක බැවින් මහජනතාව වැඩිපුර ගැවසෙන ස්ථාන මඟහැර වගකීමෙන් කටයුතු කරන ලෙස මහජනයාගෙන් ඉල්ලීමක් කරන බව ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා.

මේ වනවිට කොරෝනා වසංගත තත්ත්වය විශ්ලේෂණය කරමින් ගත යුතු සියලුම ක්‍රියාමාර්ග ගනිමින් තිබෙන බවත් ජනතාව මේ තත්ත්වය නිසි පරිදි අවබෝධ කරගෙන වගකීමෙන් කටයුතු කළ යුතු බවත්, හමුදාපතිවරයා කියා සිටියා.

මිනුවන්ගොඩ ඇඟළුම් කම්හල ආශ්‍රීතව ඇතිවූ කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් මේ සතිය ඉතා තීරණාත්මක බව යුද හමුදාපති ලුතිනන් ජනාරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

“පළමු කොවිඩ් ආසාදිත රෝගියා වාර්තා වීමෙන් පසුව ගතවන 03 වන සතියයි මෙය. මේ දක්වා වෛරසය සමාජය තුළට ව්‍යාප්ත වී නොමැති බවට වෛද්‍යවරුන් සඳහන් කර සිටිනවා.

මුල් වටයේදී කොරෝනා පාලනය කිරීම ගැන ජනතාව ඇතුළු බොහෝ දෙනා අධිතක්සේරුවකට සිටි බවත් එනිසා නැවත වතාවක් රැල්ලක් ඇති වීමට එම තත්වය ඉවහල් වූ බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

කොරෝනා වෛරස ව්‍යාප්ත වන අවදානම නිසා රට ලොක්ඩවුක් කිරීම ඉතා පහසු ක්‍රමයක් වුවත් මෙරට ජනතාවට ජීවන අරගලය කිරීමට එය බොහෝ පීඩාකාරි යැයි යුද හමුදාපති හමු ශවේන්ද‍්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
කොරෝනා ආසාදිතයන් සාමාන්‍ය සමාජයෙන් හමු වීමේ අවදානමක් ඉදිරි දිනක කිහිපයේදී ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.

මේ නිසා සියලු ජනතාව සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් ඒ ආකාරයෙන්ම අනුගමනය කරන්නැයි ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියා.

මෙරට තුළ දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් ඊයේ දිනයේ වාර්තා වුවද ඊට බිය වීමට ජනතාවට කාරණාවක් නැති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

එම සියලු පුද්ගලයන් හමු වූයේ දැනට වසා දමා නිරෝධායන කර ලද ප්‍රදේශයක සිට බවද ඔහු පැවසීය.
කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ජනතාව අති මහත් බහුතරයක් විශාල ලෙස සහයෝගය දෙමින් සිටින බව කොරොනා මර්දන බළකායේ ප්‍රධානී හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ගාල්ලෙන් කෙනෙක් එක පාරම මතු වුනා වගේ. අපි හමුදාවක් වශයෙන් ඔවුන් අපට ඇත්ත කිව්වනම් හැම කෙනෙක්වම හොයාගෙන යනවා.
මේකෙදි අපි බැලූව කොහොමද මිනිසුන්ට අවශ්‍ය කරන භාණ්්ඩ ලබා දෙන්නේ කියල
ඩිලිවරි ක‍්‍රමයට වට්ස් ඇප් මාර්ගයෙන් ගන්න පුළුවන් විදිහටත් ක‍්‍රමවේදයන් සලසල දීල තිබෙනවා

ඔබ තුමන් මානුෂීය මෙහෙයුමකට සම්බන්න්ධ වෙලා හිටපු යුද සෙන්පතියෙක්. ඔබ ඒ හා සමාන කර්තව්‍යයක් ලෙස පැවරුණු නිරෝධායන වල මේ වන විට තත්වය කොහොමද?

ගරු ජනාධිපති තුමන් සහ අග‍්‍රාමාත්‍ය තුමන් මාර්තු මාසයේ 07 වන දින පමණ තීරණයක් ගත්තා නිරෝධායන මධ්‍යස්ථාන ආරම්භ කරනව කියල. එයින් රජය ක‍්‍රමවේදයන් තුනක් බලාපොරොත්තු වුනා.ඒ හදුනාගැනීම සහ වෙන්කර ගැනීම, ව්‍යාප්තවීම නවතා ගැනීම, සහ ඉන්න රෝගීන් බලා ගැනීම.  ත‍්‍රිවිධ හමුදාවන්ට පැවරුන රාජකාරී වලින් මුල්ම රාජකාරිය යුද්ධ හමුදාවට භාර වුනා. මෙම මධ්‍යස්ථාන ඉදි කිරීම. ඒ අනුව මාර්තු මස 10 වනදා වන විට මධ්‍යස්ථාන 2කින් ආරම්භ කර අද වන විට මධ්‍යස්ථාන 51 ක් දක්වා වර්ධනය කර තිබෙනවා. එම නිරොධායන මධ්‍යස්ථාන වල 4683 ක ප‍්‍රමාණයක් නිරෝධායනයට ලක් වුනා. 
නිරෝධායන කටයුතු සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම වෙනුවෙන් විශේෂ දුරකතන අංක දෙකක් හඳුන්වා දී ඇති නිසා කටකතා සම්බන්ධයන් අනිසි බියක් ඇතිකර නොගත යුතු බවත් ත්‍රිවිධ හමුදාව සම්බන්ධයෙන් පූර්ණ විශ්වාසයකින් කටයුතු කරන ලෙසත් වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඔහු ඒසේ ප්‍රකාශකළේ ශ්‍රී ජයවර්ධන පුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

ඒහිදී යුද්ධ හමුදාධිපතිවරයා මෙසේද කීය.
ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ සමිපතයින්ට අමෙරිකාවේ සංචාරය කිරිම තහනම් කරමින් පනවා ඇති තහනම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි ලෙස සිය විරෝධතාවය දක්වා තිබෙනවා.
මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, එනම් නීති විරෝධී ඝාතන” සම්බන්ධයෙන් අණ දීම
මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනයන් සඳහා දඩුවම් නොලැබීම පිළිබඳ ඇමරිකාවේ සැලකිල්ල

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් විදේශ මෙහෙයුම් සහ ආශ්‍රිත වැඩසටහන් විසර්ජන පනතේ 7031 (ඇ) වගන්තිය යටතේ නියම කර ඇති පරිදි, ශ්‍රී ලංකා යුද හමුදාවේ වත්මන් අණදෙන නිලධාරී සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නම් කර ඇත. ඒ අනුව ඔහුට හෝ ඔහුගේ පවුලේ අයට ඇමරිකාවට ඇතුල් වීම තහනම් කර තිබේ. පෙබරවාරි 14 සිකුරාදා ඇමරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ විසින් නිකුත් කළ නිවේදනයේ මේ බව සඳහන්.

2009 දී ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසන් අදියරේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 58 වන සේනාංකය විසින් සිදුකරන ලද බවට ඇමරිකාව විසින් කියනු ලබන “මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, එනම් නීති විරෝධී ඝාතන” සම්බන්ධයෙන් අණ දීම සඳහා ඔහු සම්බන්ධ බවට ඇමරිකාව චෝදනා කර තිබේ.
ජනාධිපතිතුමන්ගේ නියෝගයට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් වහාම ක්‍රියාත්ම ක වන පරිදි දිවයින පුරා විසිරී සිටින සියලුම යුද්ධ හමුදා ආයතන තුළ වෙනත් ඡායාරූප වෙනුවට රාජ්‍ය ලාංඡනය සහ යුද හමුදා ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කර තබන ලෙස දැනුම් දී ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements