Advertisement

මේවන විටත් ශ්‍රී ලාංකිකයින් ඉතා සුළු වශයෙන් මෙරටට රැගෙන එනවා

ගුවන් තොටුපළ මඟින් වෙනුවෙන් යළි විවෘත කිරීම කොවිඩ් 19 වෛරසය පැතිරයාම සිදුවන ආකාරය අනුව තීරණය කිරීම රජය විසින් සිදුකරනු ඇති බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය. ‍

හමුදාපතිවරයා එසේ ප්‍රකාශ කළේ එක්සත් ජාතිනීගේ සාමසාධක මෙහෙයුම් යටතේ දකුණු සුඩානයේ ක්‍රියාත්මක කරන දෙවන මට්ටමේ රෝහලේ රාජකාරී සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා වෛද්‍ය බලකායේ 7 වන යුද්ධ හමුදා කණ්ඩායමට සුබපැතුම් ඒක්කිරීම වෙනුවෙන් අද (17) දින උදෑසන කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණි අවස්තාවේදීය.

මෙම ඒලෙස පිටව ගිය යුද්ධ හමුදා භට කණ්ඩායම නිලධාරීන් 10 ක් සහ සෙසුනිලයින් 22 දෙදෙනෙකුගෙන් සමන්විතය. මෙම කණ්ඩායම වෛද්‍ය විශේෂඥයින්, වෛද්‍ය නිලධාරීන් සහ දන්ත වෛද්‍යවරයකු, පරිපාලන නිලධාරීන් , හෙදියන් , ශල්‍යාගාර තාක්‍ෂණ ශිල්පීන්, භෞතික චිකිත්සකවේදීන් විකිරණ වේදීන්, විකිරණ තාක්‍ෂණ ශිල්පීන්, දන්ත සහායකයන්, දන්ත කාර්මිකයන්, වෛද්‍ය සහයකින්, සනීපාරක්‍ෂක සහයකයන්, පරිපාලන ලිපිකරුවන්, සූපවේදීන්, ගිලන් රථ රියදුරන් සහ මෘත ශරීරාගාර සහායකයන් ඇතුළු වෘත්තිකයින්ගෙන් සමන්විතය. අද දිවයිනෙන් පිටත්ව ගිය 7 වන යුද්ධ හමුදාභට කණ්ඩායමේ අණදෙන නිලධාරි ලෙස කර්නල් රොෂාන් ජයමාන්න කටයුතු කරනු ලබයි.

මෙහිදී අදහස් දැක්වූ යුද්ධ හමුදාධීපතුමන් මෙසේද කීය.

රජයක් වශයෙන් ගුවන් තොටුපළ විවෘත කිරීම සඳහා අවශ්‍ය අවශ්‍ය සුදුදුම අවස්ථාවේ ඒ වෙනුවෙන් තිරණය කරයි. මේවන විටත් ශ්‍රී ලාංකිකයින් ඉතා සුළු වශයෙන් මෙරටට රැගෙන ඒම සිදුකරනු ලබනවා. ඒ වුණත් මේ සතියේ ඉඳලා රටේ රනතාවට අපහසුතාවයක් හෝ කොඩිඩ් 19 වෛරසය පැතිරයාමක් සිදු නොව ආකාරයෙන් ශ්‍රීලංකාවට රැගෙන ඒම සිදු කරන්න කටයුතු කරනවා.

2014 දි ශ්‍රීලංකාවේ රෝහලක් එක්සත් ජාතීන්ගේ රෝහලක් වශයෙන් ස්ථාපනය කරනු ලැබුවා. ඒ රෝහලෙන් එක්සත් ජාතීන්ගේ රාජකාරි කරනු ලබන සියලුම අයවළුන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීමටයි මේ රෝහල පිහිටවනු ලැබුවේ. ඒ වගේම ඒ රෝහල පිහිටි ප්‍රදේශයේ ජනතාවටත් ඒ මඟින් සේවයක් ඉටුකරනු ලබනවා. අපේ ආරක්ෂක අංශ විසින් එක්සත් ජාතීන්ගේ සංවිධෘනයේ රෝහලක් මේ ආකාරයෙන් පවත්වාගෙන යාම රටක් වශයෙන් අපි ආඩම්බරවිය යුතු කාරණාවක් යැයි යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements