Advertisement


ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සමස්ත වාර්ෂික ආදායමෙන් සියයට විසිහතරයි දශම අටක් (24.8%)ක් ණය ගෙවීම සඳහා වෙන් කර තිබෙනවා.
මේ බව අනාවරණය වූයේ කොළඹ වරායෙහි නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ඉන්දියාවේ අදානි සමූහයට පැවරීමට වරාය කටයුතු ඇමැති ​රෝහිත අබේගුණවර්ධන ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවෙනි.

පසුගිය ඔක්තෝබර් මස 22 වැනි දින කොළඹ වරායෙහි නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ඉන්දියාවේ අදානි පෝට්ස් ඇන්ඩ් ලොජිස්ටික් සමූහයට පැවරීම සම්බන්ධව වරාය හා නාවික කටයුතු ඇමැති රෝහිත අබේගුණවර්ධන කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කොට තිබෙනවා.

එම පත්‍රිකාවට අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සමස්ත ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන තුන්සිය විසි හතයි දශම අටකි. (327.8)

ඒ අනුව ජපානයෙන් රුපියල් මිලියන 14,227ක් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් රුපියල් මිලියන හතළිස් පන්දහස් දෙසිය පනස් හතරක් (45,254) සහ දේශීය බැංකු සහ වෙනත් දේශීය මූලාශ්‍ර මගින් රුපියල් මිලියන එකළොස් දහසක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය ණය වශයෙන් ලබාගෙන තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements