Advertisement


බස්නාහිර පළාතට දැනට පනවා ඇති ඇඳිරි නීතිය ලබන 09 වැනිදා පෙරවරු 05.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළේය.
කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක සඳහා ඇදිරි නීතිය ලිහිල් කිරීම එළැඹෙන 27 වන දින පෙරවරු 05.00 දක්වා දක්වා කල්දමා තිබේ.
කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස පනවනු ලැබූ ඇඳිරි නීතිය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණ ඇතිව ලිහිල් කිරිමට රජය තීරණය කර ඇත. 

අප්‍රේල් 20, සඳුදා සිට ඒ ඒ දිස්ත්‍රික්කවල සහ දිස්ත්‍රික්ක ඇතුළත පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය පැනවීම සහ ඉවත් කිරීම සිදු වනුයේ මෙසේය.
දිගටම ඇදිරි නීතිය පවත්වාගෙන යාමට රජයේ කිසිම අදහසක් නැති බව ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කරයි.

අද නැත්නම් හෙට දිනයේ ඒ සම්බන්ධයෙන් පැහැදිලිවම ප්‍රකාශ කරන බවද ඔහු පැවසීය.
කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී. 

සෙසු සියළු දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය අප්‍රේල් 16 බ්‍රහස්පතින්දා උදේ 6.00 දක්වා දීර්ඝ කෙරේ. මේ දිස්ත්‍රික්කවල උදේ 6.00ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය එදිනම සවස 4.00ට යළි පනවනු ලැබේ. මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 14 අඟහරුවාදා උදේ 6.00 ට ලිහිල් කොට සවස 4.00ට යළි පනවන බව කළින් නිවේදනය කළද, දැන් එය වෙනස් කර ඇත. 
එළැඹෙන සිංහල අලුත් අවුරුදු දිනෙන් පසු දැනට පනවා ඇති ඇදිරිනීතිය වෙනස් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

දැනට ආසාදිතයන් හමුවූ දිස්ත්‍රික්ක වල ක්‍රියාත්මක කෙරෙන ඇඳිරි නීතිය තව දුරටත් ලිහිල් කළ හැකි බවට දැනටමත් ලැබී ඇති යෝජනා අනුව මේ පිලිබදව සලකා බලමින් ඇත.
කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර , යාපනය දිස්ත්‍රික්කවල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ සඳහා දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී.

සෙසු සියලු දිස්ත්‍රික්කවල අද(09) උදේ 06.00 ට ඇඳිරි නීතිය ලිහිල් වු අතර, එදිනම සවස 04.00 ට යළි පනවනු ලැබේ. 

මේ දිස්ත්‍රික්කවල එසේ යළි පනවන ඇඳිරි නීතිය අප්‍රේල් 14 අඟහරුවාදා උදේ 06.00 ට ඉවත් කොට එදිනම සවස 04.00 සිට නැවත ක්‍රියාත්මක කෙරේ.
දැන් රට පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය අකුරටම පිළිපදින ලෙස රජය ජනතාවට දැනුම් දෙයි.

ඇඳිරි නීතිය පනවා ඇත්තේ ඉතා බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කරනු පිණිසය.

ඇඳිරි නීති කාලය තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි නොකඩවා සැපයීමට, අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමේ කළමනාකරණය භාර කාර්ය සාධක බලකාය සියලු විධිවිධාන සලසා ඇත.
යාපනය දිස්ත්‍රික්කයට පනවන ලද පොලිස් ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දීර්ඝ කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇත.

යාපනය දිස්ත්‍රික්කයේ සඳහා හෙට උදෑසන 06.00ට ඇදිරි නීතිය ඉවත් කිරීමට නියමිත තිබුනද එහි කොරෝනා වෛරස් ව්‍යාප්ත වීමේ අවදානම ඉහල යයි සලකා මෙම තීරණය ගෙන ඇත.
දැනට රටපුරා පනවා ඇති ඇදිරි නීතිය උතුරු පලාතේ දිස්ත්‍රික්ක පහටම 24 වන අඟහරුවාදා පෙරවරු 06.00 දක්වා දීර්ඝ කර ඇත.

එදින පෙරවරු 06.00ට ඉවත් කරන ඇදිරි නීතිය යලිත් එදිනම පස්වරු 02.00ට යලි පනවන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
මිනිස් සංහාරයක් නොබෝදිනකින් සිදු විය හැකි බවට මුහුණු පොතේ යොදා ඇති සටහනකින් පසු හලාවත නගරයට පැමිණ නොසන්සුන්කාරී ලෙස හැසිරුණ පිරිසක් පළවා හැරීමට අහසට වෙඩි තැබීමට යුද හමුදාවට සිදු විය.

මුහුණු පොතේ දමා තිබූ සටහන අනුව තමන්ට කිසියම් බියක් හට ගෙන ඇති නිසා වහාම මේ සම්බන්ධයෙන් පියවරක් ගන්නා ලෙස ඉල්ලමින් අද තරුණ කල්ලියක් මුලින්ම හලාවත මුලස්ථාන පොලිසිය අසලට රැස්වී මෙලෙස කළහකාරී ලෙස හැසිරෙන්නට වූහ.
වහාම ක්‍රියාත්මක වන පරිදි මීගමුව පොලිස් බල ‍ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.
ඒ අනුව මේ මොහො‍තේ සිට හෙට(06) උදෑසන 7 දක්වා‍ මෙය බල පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements