Advertisement


නව කොරෝනා ආසාදිතයින් 650 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 35,387 දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයින් අතර බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා ආසාදිතයින් 12 දෙනෙකු සිටින බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ.

ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ සහ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා පොකුරෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 31,720 ක්. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 8,874 ක් වන අතර ඊයේ දිනයේදි ආසාදිතයින් 701 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 26,353 ක් වනවා.

එසේම, රුසියානු සහ චීන කොරෝනා එන්නත් ශ්‍රී ලංකාවට ලබාගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා ආරම්භ කර ඇති බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.


මේ අතර, එළඹෙන උත්සව සමයේදී ඇදිරි නිතිය පැනවීමට බලාපොරොත්තුවක් නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, අවශ්‍ය ඕනෑම වේලාවක අදාළ ක්‍රියාමාර්ගවලට එළැඹීමට පසුබට නොවන බවද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

truenews


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements