Advertisement


ජල ව්‍යාපෘතියකට මුල්ගල තැබීමට ඊයේ (17) ඇහැළියගොඩ ප්‍රදේශයට පැමිණි ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට ප්‍රදේශ වාසීන්ගේ දැඩි විරෝධය එල්ල විය.

අදාළ ව්‍යාපෘතිය මගින් ජල ගැටලුවකට මුහුණ පෑමට සිදුවන බවට චෝදනා කරමින් ප්‍රදේශ වාසීන් පිරිසක් අමාත්‍යවරයාට මෙලෙස ඔවුන්ගේ විරෝධය පළ කළහ.

ඒ අනුව, එල්ල වූ දැඩි විරෝධය හමුවේ අමාත්‍යවරයා එම ව්‍යාපෘතියට මුල්ගල තැබීම නවතා දමා ඉන් වහා ම පිටත්ව යාමට කටයුතු කළේය. 

සිද්ධිය පිළිබඳව පසුව අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම ව්‍යාපෘතිය වියළි කාලයේදී නගරයට වතුර සැපයීම සඳහා ගත් හදිසි පියවරක් බවය.

එමෙන් ම, රුපියල් බිලියන 170ක වියදමකින් මහා ජල යෝජනා ක්‍රමයක් ලබන වසරේදී ආරම්භ කරන බවත් මෙම ව්‍යාපෘතිය එය අවසන් වන තෙක් ක්‍රියාත්මක කෙරෙන වැඩපිළිවෙළක් බවත් අමාත්‍යවරයා පැවසීය.

තව ද මෙම ව්‍යාපෘතියෙන් කිසිවෙකුටත් කිසිත් අහිමි නොවන බවත් යම් හෙයකින් එවැනි දෙයක් සිදු වුවහොත් අදාළ ව්‍යාපෘතිය නවතා දැමීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

"ඔබ කියනවා වගේ ඒ කාලේ මෙතන පතලක් දැම්මා එතකොට අපේ ගම්වල ළිංවල ජලය සිඳීගියා. මේ ව්‍යාපෘතිය නිසා එහෙම දෙයක් සිදුවුණොත් මම ඒ දේ නවත්තනවා වහාම. මේක මගෙන් ඇහුවා නම් ඉවරයිනේ. මේ පොම්ප කිරීමත් එක්ක මේ අවට ඇති ළිංවල ජලය සිඳී ගියොත් මම මේක නවත්තනවා. මම වගකීම භාර ගන්නවා," යැයි ද පැවසීය.

අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

"මේක ස්වාභාවික උල්පතක් මේ උල්පතින් උතුරා යන ජලය තමයි අපි ගන්නෙ. ඒකත් සීමිතව ගන්නේ. ඔබට ජලය අහිමි වෙන්න ඉඩ තියෙනවා නම් මම ඒකට ඇප වෙනවා. ඉතින් ඕක කතා කරගන්නේ නැතුව ලොකු ආරවුල් තත්ත්වයක් ඇති කිරීම අපේ ප්‍රදේශයට අවමානයක්.

මම ලංකාවට ම ජල සම්පාදන ඇමති. මම යනවා ලංකාවේ හැම කොනට ම මුල් ගල් තියන්න, ජලය ලබා දෙන්නයි, විවෘත කරන්නයි. මට මෙවැනි තත්ත්වයකට මුහුණ දෙන්න වුණේ මගේ ම නියෝජනය තියෙන මේ ඇහැලියගොඩ කොට්ඨාසය තුළ.

මට පෞද්ගලිකත්වයක් නෑ අවමානයක් වෙන්න හෝ නම්බුවක් වෙන්න. මම එහෙම පෞද්ගලිකත්වය මමත්වය එහෙම ලොකුවට අර ගත්තු කෙනෙක් නෙමෙයි. ඔබ මේ ඇහැලියගොඩ ඡන්ද කොට්ඨාසය ලංකාවේ ම මුදුනේ ඉන්නේ මේ ජල අමාත්‍යාංශයේ අයිතිය උඩ. ඉතින් ඔබ ම අද ඒකට ලොකු හානියක් කර ගත්තා."

truenews


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements