Featured News

Video Gossip

Advertisement


නව කොරෝනා ආසාදිතයින් 688 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 33,478 ක් වනවා.

ඊයේ හඳුනාගත් ආසාදිතයින්ගෙන් 685 දෙනෙකුම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල සහ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා පොකුරෙන් වාර්තා වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව එම පොකුරුවලින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 29,837 ක්.

එසේම, ඊයේ (14) දිනයේදී තවත් මරණ දෙකක් වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 154 ක් දක්වා ඉහළ ගියා.

ඊයේ වාර්තා වූ මරණ අතරින් එක් අයෙකු බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවක් වන අතර ඇයගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොරෝනා ආසාදනය සමඟ අධිරුධිර පීඩනය නිසා ඇති වූ හෘදයාබාධයක්.

මියගිය අනෙක් පුද්ගලයා කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 65 ක පිරිමි පුද්ගලයෙකු වන අතර, කොළඹ පෞද්ගලික රෝහලකදී ඔහු මියගොස් ඇත්තේ කොවිඩ් නියුමෝනියා තත්ත්වය හේතුවෙන්.

ඊයේ හදුනාගත් නව ආසාදිතයින් සමඟ මේ වනවිට දිවයිනේ රෝහල් කිහිපයක වෛරසය ආසාදනයවූවන් 9,015 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබු මුළු ආසාදිතයින් සංඛ්‍යාව 24,309 ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

එමෙන්ම, වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවිර ඊයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ බස්නාහිර පළාතේ සිට වෙනත් පළාත් වලට පැමිණෙන පුද්ගලයින් විවිධ ස්ථාන වල සංචරණය කිරිමෙන් වැළකිය යුතු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවිර සඳහන් කළේ එළඹෙන උත්සව සමයේ සාප්පු සවාරි යෑමේදී සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් අනුගමනය කිරීම ජනතාවගේ වගකීමක් බවයි.
ගේම් සෙල්ලම් කරල සල්ලි හොයන්න මෙන්න තැනක් - මෙතනින් Register වෙන්න - 100ට 100ක් බෝනස්


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements