Featured News

Video Gossip

Advertisement

අද්වීතීය පහසුකම් රැසක් සමඟින් අද කාලයට ගැලපෙන Online Banking Service එකක්

කෝවිඩ් -19 ගෝලීය ආපදාවත් සමඟ සමාජ, ආර්ථික හා ව්‍යපාරික ව්‍යුහයන් දැඩි වෙනසකට භාජනය වෙමින් පවතී. විශේෂයෙන් ගෝලීය ආපදාවෙන් ආරක්ෂා වීම සඳහා වන එකම හා ප‍්‍රායෝගික ප‍්‍රවේශය වන සමාජ දුරස්ථභාවය පවත්වා ගෙන යාම, එදිනෙදා ගමන් බිමන් හා පොදු පරිසරයේ ගැවසීම හැකිතාක් සීමා කිරීමට සිදුවීම හේතුවෙන් මේ වන විට ව්‍යපාරික ලෝකයේ ‘ඩිජිටල්කරණය’ ප‍්‍රමුඛ අවශ්‍යතාවයක් බවට පත්ව ඇත.

මේ තත්ත්වය හමුවේ බැංකු සේවාවන් ද වේගයෙන් තම සාම්ප‍්‍රදායික ඩිජිටල් බැංකුකරණ සේවාවන් වෙනුවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී ඩිජිටල්කරණ සේවාවන් හඳුන්වාදීමට පියවර ගනිමින් සිටී.

ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණයේ පුරෝගාමියා වන්නේ සම්පත් බැංකුවයි. ගෝලීය වශයෙන් බැංකු පද්ධතිය තුළ ඩිජිටල්කරණය ආරම්භ වූ වහාම සම්පත් බැංකුව ද මෙරට තුළ ඩිජිටල් බැංකුකරණ සේවා ආරම්භ කළ අතර ඒ පුරෝගාමී මෙහෙවර අඛණ්ඩත්, ශක්තිමත් ලෙසත්, පුළුල් ලෙසත් පවත්වා ගෙන යාමට සම්පත් බැංකුව සමත්වි සිටී.

මේ පුරෝගාමී නායකත්වය මෙහෙවර තව දුරටත් ව්‍යාප්ත කරමින් සහ ඉදිරියට ගෙන යමින් සම්පත් බැංකුව සිය පාරිභෝගිකයින්ට නිවෙසේ හෝ ඕනෑම ස්ථානයක සිට තම බැංකු කටයුතු පහසුවෙන් හා ආරක්ෂාකාරීව කරගෙන යාම සඳහා හඳුන්වා දුන් ‘සම්පත් විශ්ව’ ඔන්ලයින් බැංකු සේවාව මේ වන විට පාරිභෝගිකයින් අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇත.

නවතම තාක්ෂණය උපයෝගී කරගෙන පාරිභෝගිකයින්ගේ රහස්‍යභාවය හා ආරක්ෂාව තහවුරු වන පරිදි ක්‍රියාත්මක කොට ඇති ‘සම්පත් විශ්ව’ (Sampath Vishwa සේවාව මඟින් ලබා ගත හැකි පහසුකම් රැසකි.

ඒවා අතර,

1. සම්පත් ගිණුම් හිමියන්ට බැංකුවට නොගොස් නිවසේ සිටම අලුතින් ජංගම ගිණුම්, ඉතිරි කිරීමේ ගිණුම් හා ස්ථාවර තැන්පතු ගිණුමක් විවෘත කිරීමට හැකි වීම.

2. තම ගිණුමේ ශේෂය දැන ගැනීම.

3. බැංකුවේ සිය ගිණුමේ තිබෙන තැන්පතුවලින් ක්ෂණික ණය මුදලක් ලබා ගැනීම.

4. මොබයිල් කෑෂ් පහසුකම යටතේ ඕනෑම ගිණුමකට මුදල් යැවීම.

5. තම ක්‍රෙඩිට් කාඩ්පතේ ගනුදෙනු විස්තර ලබා ගැනීම හා එහි බිල ගෙවීම.

6. ජල, විදුලි, දුරකතන බිල්පත් රක්ෂණවාරික රෝහල් ගාස්තු හා පාසල් ගාස්තු ද ‘සම්පත් පහසුකම යටතේ ගෙවීමට හැකිය.

එසේම තමන් විසින් ලබා දෙන ස්ථාවර නියෝගයක් මඟින් මාසිකව ගෙවිය යුතු බිල් නියමිත දිනට බැංකුව මගින් ගෙවීමට හැකිවීම ද මෙහි තවත් විශේෂත්වයකි.

තවද වෙනත් ගිණුම්වලට තම ගිණුමෙන් මුදල් යැවීම, නිකුත් කරන ලදචෙක්පත් ගෙවීම් අත් හිටුවීමට හා එක් දිනක් තුළ තම ගිණුමෙන් රුපියල් 20,000,000 දක්වා වූ මුදලක් වෙනත් ගිණුම්වලට බැර කිරීමට ද ‘සම්පත් විශ්ව’ මඟින් පහසුකම් සලසා ඇත.

‘සම්පත් විශ්ව’ මඟින් මුදල් යැවූ පසු ඒ බව සඳහන් ක්ෂණික දැනුම් දීමක් (SMS) පාරිභෝගිකයාගේ ජංගම දුරකතනයට ලැබේ.

මෙම සියලු පහසුකම් ලබා ගත හැක්කේ සම්පත් බැංකුවේ ගිණුම් හිමියන්ට පමණි. සම්පත් බැංකුවේ ගිණුමක් තිබෙන ඕනෑම පාරිභෝගිකයෙකුට https://www.sampath.lk/en/ සම්පත් බැංකුවේ වෙබ් අඩවියට පිවිස එහි ඇති https://www.sampathvishwa.com/SVRClientWeb/ActionController පිටුවට ගොස් ‘සම්පත් විශ්ව’ පහසුකම් සඳහා ලියාපදිංචි වීමට පුළුවන. තම ජංගම දුරකතනයේ කෙටි පණිවිඩ සේවාව (SMS) තිබේ නම් පාරිභෝගිකයාට සිය නිවසේ සිටම මෙහි ලියාපදිංචිය (0112303050) ලබා ගත හැකිය.

සම්පත් බැංකුව විසින් හඳුන්වා දී ඇති මෙම ඩිජිටල් බැංකුකරණ සේවා පහසුකම් මගින් ඔබ පමණක් නොව සමස්ත සමාජයම ගෝලීය ආපදාවෙන් ආරක්ෂා කිරීමට උපකාරී වන අතර ඒ සමග ලෝකයේ වඩාත් නවීනතම ඩිජිටල් බැංකුකරණ සේවා පහසුකම් ලබා ගැනීමට ද ඔබට අවස්ථාව ලබා දී ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements