Featured News

Video Gossip

Advertisement

අවුරුදු 7 දී අම්මා තාත්තා නැති වෙලා හොස්ටල් එකක හැදුනෙ

පහුගියකාලයේ කූඹියෝ නිසා ඇය ගැන වැඩිපුර කතාබහවුණා. ඔන්න දැන් ආයෙමත් ඇය කූඹියෝ සමග වැඩ පටන්ගන්නයි යන්නේ. ඇය වෙන කවුරුවත් නෙමෙයි නමින් යුරේනි නොෂිකා. මේ ඇගේ කතාවයි.

යුරේනි ගැන යුරේනි අපිට කිව්වොත්

ඇත්තට ම යුරේනි කියන්නෙ අවුරුදු 7 දී අම්මා තාත්තා නැති වෙලා හොස්ටල් එකක තද නීතිරීති එක්ක කි‍්‍රස්තියානි පරිසරයක හැදුණු දඟකාර පෙරළිකාර චරිතයක්. නපුරු ගති නිසා යාළුවෝ කිසි කෙනෙක් නෑ. ඒත් අද අන් අයගේ සාර්ථකත්වය දැකලා සතුටු වෙන හැමෝ එක්කම මිත‍්‍රශීලීව කටයුතු කරන බොහොම සරල සුන්දර චරිතයක්.

අධ්‍යාපනය ලබන්නෙ

කොල්ලූපිටිය මෙතෝදිස්ත විදුහලෙන්

වැඩිපුර දක්ෂතා දක්වන්නෙ

කී‍්‍රඩාවට. පන්තියේ ඉන්නවට වඩා වැඩි කාලයක් හිටියෙ ග‍්‍රවුන්ඞ් එකේ. කි‍්‍රකට් කි‍්‍රඩිකාවක් වෙන්න තිබුණෙ පුදුම උණක්.

අධ්‍යාපන කටයුතුවලින් පස්සෙ

විශ්වවිද්‍යාලයට තේරුණා. ඒත් මගේ ආච්චිට වැඩිදුර අධ්‍යාපනයට වියදම් කරන්න වත්කමක් තිබුණෙ නෑ. ඒ නිසා රැුකියාවකට යොමු වුණා.

මුල්ම රැුකියාව

ඩයලොග් ආයතනයේ. අවුරුදු 4 ක් ඒ රැුකියාවේ නිරත වුණා.

ඒ අතරෙත් ඔබ ඉගෙන ගත්තා

ඔව්. නීතිය පිළිබඳ ඉගෙන ගෙන මිනිස්සුන්ට උදව් කරන්න ඕනෙ කියලා හිතලා ලෝ එන්ට‍්‍රන්ස් කළා. නමුත් ලකුණු මදි වුණා.

එතැනින් පස්සෙ

ගුවන් සේවිකාවක් වීමේ සිහිනය හිතේ පැල්පදියම් වෙලා තිබුණා. ඒ සඳහා අයැදුම් කළ දාහක පිරිසක් අතරින් මුල්ම අටදෙනා අතරටත් තේරුණා. ඒත් ගුවන් සේවිකාවක් වෙන්න බැරි වුණා.

ඔබ රංගනයට පිවිසුණා

නැහැ. ඩයලොග් ආයතනයෙන් ඉවත් වෙලානෙ ගුවන් සේවිකාවක් වෙන්න හැදුවෙ. අන්තිමේ ඒ දෙකම නැති වෙලා ඉන්න අතරෙ අහම්බෙන් රොසැන් ඩයස් මහත්මිය මුණගැහෙනවා. ඇගේ ගුරුහරුකම් ඇතිව නීරූපණ ක්‍ෂේත‍්‍රයට එක් වුණා.

ඒ නිළියක වීමේ අදහසින්

නැහැ. ඒ කාලෙ මම රංගනයට එකතු වෙනව කියන එක හිතකවත් නොතිබුණු දෙයක්.

ඒත් යුරේනි රංගන ශිල්පිනියක් වෙනවා

මම රංගන ශිල්පිනියක් වුණේ නෑ. අහම්බෙන් හමුවූ පිරිසක් මාව නිළියක් කළා.

ඒ අය කවුද කිව්වොත්

ඒ කාලෙ විකාශය වුණ කිඳුරංගනා ටෙලි නාට්‍ය සෙට් එක.

මොකද්ද සිද්ධ වුණේ

මම මහරාජා ආයතනයට ගියා යෙහෙළියක් හමුවෙන්න. ලිෆ්ට් එකේදී පිරිසක් මා සමග සිනාසුණා. මම ආපසු එද්දී එහි පිළිගැනීමේ නිලධාරිනියට පණිවිඩයක් දීලා ඇවිත් ඔවුන් හමුවන්නට කියලා.

ඔබ එතැනට ගියා

නොගිහින් ඉන්න හැදුවත් අර නිලධාරිනිය කිව්වා අද ෆස්ට් ෆ්ලෝ එකේ ටෙලි නාට්‍යයක ඔඩිෂන් තියෙනවා. ඒ අය මිස්ව හෙව්වා ගිහින් බලන්න කියලා.

අවස්ථාව හිමිවුණා

මම එතැනට ගියා. හැමෝම මාව සුහදව පිළිගත්තා. බලෙන් වගේ දෙබසක් කියවන්න දුන්නා. අත්පුඩි විසිල් ගහල සිලෙක්ට් කර ගත්තා.

ගායන ක්‍ෂේත‍්‍රය ගැන කතා කළොත්

චුවින්ගම් - සාරි පොටේ වැනි ගීත කීපයක්ම මම ගායනා කරලා තියෙනවා විෂුවල් එක්කම.

ඒත් රංගන ශිල්පිනිය නිවේදිකාව ගායිකාව කියන මේ භූමිකාවලට වඩා ඔබ ජනපි‍්‍රය සමාජ මාධ්‍ය තුළ

වෙන්න පුළුවන්. මම බොලිවුඞ්වලට යන්න හීන මවපු කෙනෙක්. මට ලැබෙන ජනපි‍්‍රයත්වය පේ‍්‍රක්ෂක ආදරය ආකර්ෂණය නිරතුරුවම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ රැුව්පිළි රැුව් දුන්නා.

ඒ හරහා අයහපත් ප‍්‍රතිචාරත් ලැබෙනවා නේද?

එහෙම දෙයක් තියෙනවා. අනුන්ට චරිත සහතික දිදී තමන්ගෙ වැඩ පාඩු කරගෙන රටේ නැති කයි කතන්දර කියන පිරිසකුත් ඉන්නවනෙ. ඒ අයගෙ රාජකාරිය ඕකනෙ.

කියන තරම් ඉඩක් කලාව තුළ ඔබලාට නැහැ කිව්වොත්

මම පිළිගන්නෙ නෑ. දැන් තියෙන්නෙ නිර්මාණවල හිඟයක්. නිර්මාණ බිහි වෙනවා නම් ඉඩකඩ ඕන තරම් තියෙනවා.

ඔබේ දක්ෂතා පෙන්නන්නට හැකි වුණේ

දායක වූ හැම නිර්මාණයක් හරහාම ඒ දේ සිද්ධ වුණා. ඔය අතරෙ කුඹියෝ විශේෂයි. එය නැත්නම් මගේ හැකියාව ගැන දැනගන්න බැරි වෙනවා.

අද දවසේ ඔබ

බොහෝ විට කුඹියෝ දෙවැනි කොටස මේ වසරේ රූගත කිරීම් ආරම්භ වේවි. ඊට අමතරව කොටස් 40 ක විතර ටෙලිනාට්‍යයකට ආරාධනාවක් තියෙනවා. මේ මාසෙ හිරු මෙගා ස්ටාර් සීසන් තී‍්‍ර පටන් ගැනීමට නියමිතය. එහි නිවේදන කටයුතුවලටත් හරි ටීවී එකත් එක්ක හෙළිදරව්ව කියලා වෙනස්ම විදියේ වැඩසටහනක් කරන්නත් ආරාධනා ලැබිලා තියෙනවා. ඒ සඳහා සූදානමින් ඉන්නවා.

මේ දවස්වල අලූත්ම මෝටර් රථය නිසා ලොකු කතාබහකට ලක් වෙනවා

දන්නැද්ද ඉතින් හිතේ තිබුණ තවත් සිහිනයක් සැබෑ කර ගනිමින් මම බෙන්ස් කාර් එකක් ගත්තා.

සැබෑකර ගත යුතුමයි කියන තවත් සුන්දර සිහිනයක් අපි දන්නවා

මගේ ජීවිතේ සම්බන්ධයෙන් මම දකින සිහින හැම එකක්ම ඒ අයුරින් සැබෑ වෙනවට මම ගොඩක් කැමැතියි. හැබැයි ඉටු නොවෙන සිහින ගැන මගේ කිසිම පසුතැවිල්ලකුත් නෑ.

ධම්මික හේවාවසම් - Divaina

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements