Featured News

Video Gossip

Advertisement

අභියෝගයක් කියනවටත් වඩා අපිට සහෝදරත්වයෙන් 
දුර ගමනක් යන්න තියෙනවානම් ඒක ලොකු ආශිර්වාදයක්

මිනිසුන්ගේ ආදරය ප්‍රසාදය දිනාගන්න පුළුවන්නම් ඒක ලොකු වාසනාවක්.

ඒ විදිහට රංගන දක්ෂතාවය නිසා එම වාසනාව හිමිකරගත් කෙනෙක් තමයි නයනතාරා වික්‍රමාරච්චි කියන්නේ.

නයනතාරා ඉපදෙන්නේ 1998/ජනවාරි 22 කොළඹ දී තවම වයස 23.මේ වයසේදී මේ වගේ තැනකට එන්න තරම් ඇය ගොඩක් පින් කරලා තියෙනවා වගේම වාසනාවන්ත වෙලත් තියෙනවා කියන්න පුළුවන්.ඉතින් තවමත් නව යෝව්න් වියේ පසුවන නයනතාරා මේ වෙද්දී ලංකාවම ආදරේ කරන චරිතයක් වෙලා.
ඇය  සුමති සම්මාන උළෙලේදී ජනප්‍රියම නිළිය වශයෙන් සම්මාන දිනාගත්තා.
එම ජයත් ඇය පැමිණි ගමන්මඟගැනත් නයනතාරා කියලා තිබුණේ මේ විදිහට.

නයනතාරා,මෙවරත් ජනප්‍රියම නිළිය ඔබ ?
ඔව් ඒ ගැන ගොඩාක් සතු‍ටුයි.මිනිස්සුන්ගේ කැමැත්ත ලබාගන්න තියෙන එක කොයිතරම් වටිනවද ? මම මගේ රටේ මගේ ආදරණීය රසික රසිකාවියන්ට ගොඩක් ආදරයෙන් ස්තූති කරනවා.ක්ෂේත්‍රයට ආව කෙටි කාලය තුළ මේ තරම් ආදරයක් ලබාදීම පිළිබඳව

එදා සම්මානය දෙවන වරටත් ලබාගත්ත රාත්‍රිය ගැන යමක් කීවොත් ?
ගොඩක් සතු‍ටු හිතුණා.ප්‍රේක්ෂකයන්ගේ ඒ ආදරය ගොඩක් දැනුණා.වචනයෙන් විස්තර කරන්න බැරි අවස්ථාවක්

ජනප්‍රියම නිළියගෙන් මිදිලා දක්ෂතම නිළිය වෙන්න කාලය හරි නේද දැන් ?
අම්මෝ එහෙමම කියන්න බෑ.මම තවම පටන්ගත්තා විතරනේ.. තව ඉගෙනගන්න දේවල් කොයිතරම් නම් තියෙනවද ?හෙමින් දුර ගමනක් යන්නයි ආස මම.

ඔබගේ සමකාලීන නිළියන් ඔබට අභියෝගයක් ද ?
අපි ඉතින් එකම ක්ෂේත්‍රයේ ඉන්න යාලුවෝනේ.එයාලත් දක්ෂයි.නැත්නම් මෙහෙම ක්ෂේත්‍රයේ ‍රැදෙන්න බැහැනේ.අභියෝගයක් කියනවටත් වඩා අපිට සහෝදරත්වයෙන් දුර ගමනක් යන්න තියෙනවානම් ඒක ලොකු ආශිර්වාදයක් විදිහට මම සලකන්නේ.

ඉතින් අපි හිතුවා හැමෝම ආදරේ කරන මේ කළා කාරිනියගේ සුන්දර චයාරුප පෙළක් ඔබට ගෙනෙන්නට ඔබටත් පහතින් බලාගන්න පුළුවන් නයනතාරා වික්රමාරච්චිගේ රෝසපාටින් හැඩවුණු අලුත්ම චයාරුප පෙළක් බලාගන්නට මේ පිළිබද ඔබේ අදහස් අපිත් එක්ක කියන්නත් අමතක කරන්න එපා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements