ඇමති අරුන්දික රිය අනතුරකට ලක්වෙයි - සුළුතුවාල [VIDEO] | Arundika Fernando
Arundika Fernando
,
gossip lanka
,
gossipmain
,
News
,
Politics
,
video
පල්ලම සේරුකැලේ ප්‍රදේශයේදී වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ගමන් කරමින් තිබූ ජීප් රථය අද (20) උදෑසන පෙරළී යාමෙන් ඇමතිවරයා ඇතුළු 04 දෙනෙකු සුළු තුවාල ලබා ඇතිබව පල්ලම පොලිසිය පවසයි.
රාජ්‍ය ඇමතිවරයා මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ගම සමග පිළිසදරක් වැඩසටහන පැවැත්වෙන කරුවලගස්වැව නෙළුම්ගම බලා ගමන් කරමින් සිටියදී බව පොලීසිය පවසයි.
රාජ්‍ය ඇමතිවරයා අද (20) උදෑසන මෙසේ අනතුරට ලක්වී ඇත්තේ ආණමඩුව හලාවත මාර්ගයේ සේරුකැලේ වංගුව ආසන්නයේදී බව කියයි.
අනතුරින් අමාත්‍යවරයා ගමන් ගත් වාහනය වංගුවේ දී මාර්ගයෙන් ඉවතට පෙරළී යාමෙන් පසු ජීප් රථයට බරපතල හානි සිදුව ඇති අතර ඇමතිවරයා ඇතුලු ඇමති ආරක්ෂක හා රියදුරුගේ ජීවිත බේරී ඇත.
අනතුරින් පසුව සුළු තුවාල ලබා සිටි රාජ්‍ය ඇමති වරයා වෙනත් වාහනයකින් ජනාධිපතිවරයාගේ ගම සමග පිළිසදරක් වැඩසටහනට ගොස් ඇති බව පොලිසිය පවසයි.
අනතුරින් තුවාල ලැබූ සෙසු පිරිස හලාවත රෝහලට ඇතුළත් කර ඇති බවද වාර්තාවෙයි

