සිරස රූපවාහිනී නාලිකාවේ විකාශන බලපත්‍රය තහනම් කරන්න සූදානම්..? | Sirasa TV
gossip
,
gossip lanka
,
gossipmain
,
mini-gossip
,
News
,
NEWS FIRST
,
Sirasa TV
සිරස රූපවාහිනී නාලිකාවේ විකාශන බලපත්‍රය අත්හිටුවීම සඳහා රජය සූදානම් වෙමින් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව හෙළි කරමින් කියා සිටියේ රජයේ ඉහළ නිලධාරීන් සහ නීතිඥයන් කැඳවමින් මේ සම්බන්ධයෙන් සැලසුමක් සකස් කරමින් ඇති බවයි.
කෙසේ වෙතත් අදාල ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ එවැනි කිසිදු ක්‍රියාමාර්ගයක් මේ මොහොතේ සිදුනොවන බවයි.
කිසිදු මාධ්‍ය ආයතනයට එරෙහිව මර්දනකාරී ක්‍රියාවක් වත්මන් රජය සිදු නොකරන බවද අමාත්‍යවරයා පැවසීය.
විපක්ෂ නායකවරයාගේ එම ප්‍රකාශයෙන් පසු විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගැබ මැදට පැමිණ විරෝධතාවයේ යෙදෙන්නට වූහ.

