Advertisement


හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහා අද දිනයේදී නව මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

ඒ අනුව ඔහු දිවුරුම් දීමෙන් අනතුරුව අසුන් ගැනීම සඳහා ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ 09 වැනි අසුන ලබා දුන් බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.
මීට පෙර ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ 9 වැනි අසුන සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත හිමි තිබුණි.

බැසිල් රාජපක්ෂ මහතාට 9 වැනි අසුන පැනවීමත් සමග පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ඊට යාබද ඇති අසුන පනවා තිබේ.

කෙසේ වුවත ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ සිටින අමාත්‍යවරයෙකුට ආණ්ඩු පක්ෂයේ දෙවැනි පෙළ අසුනකට යාමට සිදුවනු ඇත.

මේ අතර බැසිල් රාජපක්ෂ මහතා අද දිනයෙදී අමාත්‍යවරයෙක් ලෙස දිවුරුම්දීමට නියමිත බවද වාර්තා වෙයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements