Advertisement

ගෝල හිමි මරන්න නායක හිමියන් දුන් කොන්ත්‍රාත්තුව මාට්ටු

ඉංගිරිය නගරය ආසන්නයේ පිහිටි විහාරස්ථානයක වැඩ වෙසෙන භික්ෂූන් වහන්සේ නමක් ඝාතනය කිරීමට සැලසුම් කළ බවට සැකපිට එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

අජිත් රෝහණ මහතා පවසා සිටියේ, පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් සිදුකළ විමර්ශනයකින් අනතුරුව අදාළ විහාරාධිපති හිමියන් අත්අංගුවට ගත් බවය.

අදාළ විහාරස්ථානයේ වැඩ විසූ හිමිනමක් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම හා අනෙක් ක්‍රියාවන් සිදුකිරීම යන චෝදනා යටතේ විහාරාධිපති හිමි අත්අඩංගුවට ගෙන තිබේ.

එම විහාරාධිපති හිමියන් අදාළ ඝාතනය සිදුකිරීම සඳහා විහාරයේ සිටි රියදුරෙකුට රුපියල් ලක්ෂ 11ක මුදලක් ලබාදී ඇතැයි ද පොලීසිය සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී ඇත.

විහාරස්ථානයේ අයිතිය පිළිබඳ පැවති ආරවුලක් මත එම ඝාතනය සිදුකිරීමට සැලසුම් කර ඇතැයි අනාවරණය වී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

අත්අඩංගුවට පත්වු හිමිනම 49 හැවිරිදි අයෙක් වන අතර අදාළ රියදුරු සොයා මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements