Featured News

Video Gossip

Advertisement

මම වයසට ගියත් හිත වයසට යන්නෑ 
මගේ ආදරේට දරුවන්ට මුකුත් කියන්න එපා

සමිතා මුදුන්කොටුව කියන්නේ කවුරුත් ආදරේ කරන ගායන ශිල්පිනියක්. ජනප්‍රිය ගීත බොහෝමයකින් රසිකයින්ට සමීප වුනු ඇය ගැන, පසුගිය දවස්-වල සමාජ මාධ්‍ය ඔස්සේ විශාල කතාබහක් ඇති වුණා.

ඉර පායා’ කියන ගීතයෙන් සංගීත දිවියට පිවිසෙන ඇය පසුව රසිකයන් වෙනුවෙන් ගීත රැසක්ම නිර්මාණය කර ඇත.

ප්‍රේක්ෂකයන්ගේ නොමද ආදරය ලද මියුරු කටහඩක් හිමි ගායිකා සමිතා මුදුන්කොටුව හට ප්‍රේක්ෂකයන්ගේ ආදරය අඩුවෙන්න ගත්තේ තමාට වඩා වසර ගණනාවක් බාල තරුණයෙකු සමග විවාහ වීම නිසයි.
රසිකයන්ගෙන් කෙතරම් අපහාස විවේචන ආවද සමිතානම් ඒවා මායිම් කරන්නේ නැ. කොහොම උනත් සමිතාගේ දරුවන්ට පවා අපහස විදීමට සිදු වීම ගැන ඇය බොහෝ සේ කණගාටු වෙමින් සමාජ මාධ්‍ය කළඹමින් මේ ව්දිහට පවසා තිබෙනවා.

මගේ පුතා ගැන ගොඩක් අය දොස් කියලා තිබ්බා.මට අදටත් හරිම සතුටුයි මගේ පුතා ගැන, මගේ දූ ගැන. අනිත් දේ මට ගොඩක් අය කියනවා, මගේ වයස ගැන. ඒත් මට ප්‍රශ්නයක් නෑ.ගොඩක් අය මම කතා කරන දේවල් අහලා ගොඩක් හොඳ ප්‍රතිචාර ලබා දුන්නා.

කෙනෙක් සතුටු වෙනවා නම්, කෙනෙක්ගේ හැකියාව, හිනාව බලලා, ඒක තමයි මනුස්සකම කියන්නේ මට පොඩි කලේ ඉඳන්ම කිසිම අඩුපාඩුවක් තිබ්බ කෙනෙක් නෙවෙයි. අනික ඔයාල හිතනවානම් මන් මෝඩ කෙනෙක් සින්දු කියල මේ තත්වේ ඉන්නවා කියලා. එක නම් මහා විකාර දෙයක් ඉගැනුම පැත්තෙනුත් මම හොඳටම ඉගෙන ගත්තා.

ඒ ඉගෙනුමත් එක්කයි අද මන් මේ තැන ඉන්නේ, මන් නම් කිසි කෙනෙකුට වෛර කරන්නේ නෑ. හැමදාම බුදු වැඳලා හැමදාම පාර්ථනා කරන්නේ හැමෝටම දිර්ගයුෂ ලැබෙන්න ඕනි කියලා. නමුත් ඉතින් බුදුන්ටත් ගල් පෙරලපු මිනිස්සු හිටියනේ ඉතින් අපි වගේ යටත් එහෙම කරන එක ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනේ, හාමෝම එහෙම නෑ මේ ටික දෙනෙක් ඉන්නවා සමාජයට පිළිලයක් වුන.

“මට හොඳ දරු දෙන්නෙක් ඉන්නවා, හොඳ ආදරයක් ලැබුණා. ඒකත් මට සතුටුයි. අනිත් දේ මම හොඳ අම්මා තාත්තා කෙනෙක්ගේ ළමෙක්. මම කවුරුහරි මට දොස් කිව්වොත් හිනාවෙනවා ඇරෙන්න වෛර කරන් නෑ. අපි ජීවත් වෙන්නෙ පොඩි නාට්‍යයක් ඇතුළත..

ඒ ග්‍රාමා එක ඉවර වුණාම අපිට යන්න වෙනවා.. අපි දන් නෑ කොයි මොහොතේ අපේ ජීවිතේ ඉවර වෙයි ද කියලා. මම මගේ දරුවෝ ඉස්සරහා මගේ ප්‍රශ්න කතා කරලා නැහැ. දරුවෝ කියන්නේ ප්‍රශ්න බෙදා ගන්න පුළුවන් අය නෙවෙයි. හැබැයි දරුවෝ ලස්සනට හැදුවොත් දරුවෝ සලකයි. මම අදටත් සතුටු වෙනවා මගේ දරුවෝ ගැන..” අනික ම්න් මගේ උත්සාහයෙන් ජිවත් වන කෙනෙක් මන් ගැන මගේ දරුවෝ ගැන කාටවත් මොකුත් කියන්නේ බෑ .

මොකද මන් කාගෙන්වත් ඉල්ලගෙන ජිවත් වෙන්නේ නෑ .ගොඩක් අය කියනවා මගේ වයස ගැන, ඒක මට ප්‍රශ්නයක් නෑ, මගේ දරුවන්ට ප්‍රශ්නයක් නෑ, මගේ ආදරවන්තයට ප්‍රශ්නයක් නෑ. ඒ හින්දා වයස ගැන කවුරුත් ප්‍රශ්නයක් කරගන්න ඕනිත් නෑ. දැන් මම වයසයි කියලා කිසිමදවසක හිතන කෙනෙක් නෙවෙයි මම. වයසට අපි හැමෝම යනවා. හැබැයි හිත වයසට යන් නෑ.අනික වයස කියන්නේ නිකන් ඉලක්කමක් විතරයි.

අපි අද හිටිය හෙට මැරෙන මිනුස්සු එක නිසා වයස ප්‍රශනයක් කරෙගෙන ජිවිතේ විදවන්නේ නැතුව ජිවිතේ තියනකන් මන් මගේ ජිවිතේ විදිනවා. ගොඩක් අය මගේ පුතා ගැන දොස් කියලා තිබ්බා.. මට අදටත් හරිම සතුටුයි මගේ පුතා ගැන, දුව ගැන.

මම මේ ලෝකේ ඉන්න හොඳම අම්මා කියලා එයාලා දන්නවා.ඒ වගේම එයාලගේ තාත්තා කවුද කියලා එයාලා දන්නවා. එක නිසා අනිත් ය එක ප්‍රශනයක් කරගන්න එපා. ඒ නිසා මම හිතනවා මගේ ආදරේට මගේ දරුවන්ට මුකුත් කියන්න එපා.

මොකද කර්මය බලගතුයි. හැමෝම සතුටින් ඉන්නකෝ. ඔයාලත් සතුට කියන දේ හිතට අරන් ජීවත් වෙන්න.. තවත් සමහර අය මගේ ෆොටෝ එකක් දැම්මම එකේත් මොකක් හරි අඩුවක් කියනවා. ඇයි මිනිස්සු මේ විදිහට හැසිරෙන්නේ කියල හිතා ගන්න බෑ තව කෙනෙක්ගේ සතුට බලලා එයට ඉරිසියා කරන්න එපා, එක මහා පව් වැඩක් අනික තමන්ට ලබා ගන්න බැරි දේවල් තව කෙව්නෙක් ලබා ගද්දි එක ලොකු ප්‍රශනයක් වෙනවා කොහොමත් අපේ රටේ මිනිස්සුන්ට. ඔඉතින් මට කියන්න තියෙන්නේ කවුරු මොනා කීවත් මම සතුටින්.
















gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements