Advertisement

පැරලිම්පික් තරගාවලියේදී දිනේෂ්ගෙන් ලංකාවට රං පදක්කමක්

ජපානයේ ටෝකියෝ හිදී පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ දිනේෂ් ප්‍රියන්ත හේරත් හෙල්ල විසිකිරිම ඉසව්වෙන් මෙම නව මෙම ලෝක වාර්තාව පිහිටුවා එම ඉසවුවේ රන් පදක්කම ඔහු සතු කරගෙන ඇත.
AF46 ඉසවුවෙන් ඔහු හෙල්ල විසි කර ඇති වාර්තාගත දුර ප‍්‍රමාණය මීටර 67.79කි.

පැරාලිම්පික් තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව ලද පලමු රන් පදක්කම මෙයයි.

ශ‍්‍රී ලංකා යුද හමුදා සෙබලෙක් වන දිනේෂ් තරග වැදුනේ එක් අතක් වැලමිටෙන් පහල අහිමි හෝ අප්‍රාණික ක්‍රීඩකයින් සහභාගි වන තරග ඉසවුව සදහායි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements