මගෙන් සෞඛ්‍ය ඇමතිකම ඉවත් කරලා කියලා මම ජනාධිපති කාර්යාලයට යනතුරුම දන්නෙ නෑ - පවිත්‍රා වන්නිආරච්චි
gossip
,
gossip lanka
,
hot news
,
News
,
pavithra wanniarachchi
,
Politics
තමන් අලුත් අමාත්‍ය ධුරයකට පත්කර ඇති බවක් ජනාධිපති ලේකම් කාර්යාලයට යන තුරුම දැනගෙන සිටියේ නැතැයි ප්‍රවාහන ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.
‘අමාත්‍යාංශය සංශෝධනය වන බව දැනගත්තේ ජනාධිපති කාර්යාලය ගියාට පස්සේ. එය අනපේක්ෂිතව සිදු වූ දෙයක්’ යයි ද සඳහන් කරන ඇය ජනාධිපති කාර්යාල එන්නැයි පණිවිඩය ලැබෙන විට තමන් බස්නාහිර පළාතේ සෞඛ්‍ය තත්ත්වය ගැන සාකච්ඡාවක සිටි බවද පවසයි.
තමන් සෞඛ්‍ය ඇමති ධුරයේ කටයුතු කල ආකාරය ගැන අප‍්‍රසාදයක් තිබුනේදැයි නොදැනුනු බවත් ප‍්‍රවාහන ඇමති ධුරයේ රාජකාරි තම උපරිමයෙන් සිදු කරන බවත් ඇය තව දුරටත් පැවසුවාය.

