බන්ධනාගාරයට ඇතුළු වී තමන් විසින් කළේ ඇයි පල පල වී ඇති මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරයි.
තමන් එහි ගියේ සිරකරුවන්ගේ සුභසාධනය බලන්න මිස මාධ්‍ය වල වාර්තා කරන දෙයක් සිදුවී නැති බවත් සඳහන් කර තිබේ.
සිරකරුවන් දනගස්වා තර්ජනය කළේ යැයි එල්ලවන චෝදනා ගැන විමසීමේදී ඔහු ප්‍රතිචාර දක්වා ඇත්තේ ‘මම මොකටද තර්ජනය කරන්නේ. ඒකට ඕන නම් වෙන ඉන්නවනේ’ යනුවෙනි.
අමාත්‍ය ලොහාන් එක්ක එල්ලුම් ගහ බලන්න ගියේ පුෂ්පිකා
මේ අතර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සමඟ බන්ධනාගාරයේ එල්ලුම්ගස බැලීමට ගිය රූප රාජිනිය පුෂ්පිකා නම් අයෙක් බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව හෙළි කරයි.
එහි සභාපති නීතිඥ සේනක සිල්වා මහතා මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.
Pushpika de silva & Lohan Ratwatte

