Featured News

Video Gossip

Advertisement

ඇමැතිගේ දුවට මගුලක් කතා කළ කපුවා පොලීසි යයි 
රහසක් හෙළි කරයි 
මගුලට ජනපති-අගමැතිත් ඇවිත්

ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය ඇමැතිවරයකුගේ දියණියට සහකරුවකු සොයා දීමේ කපු ගාස්තුව නුදුන් බවට හංවැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙක් බියගම පොලිසියට පැමිණිලි කර තිබේ.

දියණියට සහකරුවකු සොයා දෙන ලෙස කපු මහතාට දැනුම් දී ඇත්තේ රාජ්‍ය ඇමැතිවරයාගේ මාමණ්ඩිය ය. ඔහු කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කම්හලක තනතුරක් දරන අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත්තේ කපු මහතා කම්හලට ගෙන්වා ගනිමිනි. එම කටයුත්ත වෙනුවෙන් තමන්ට නිවසක් ලබා දෙන ලෙස කපු මහතා කළ ඉල්ලීමට ද මාමාණ්ඩිය එකඟතාව පළ කර ඇත. ඒ අනුව කපු මහතා ද මහත් පරිශ්‍රමයක් දරා සහකරුවකු සොය දී ඇති අතර වසරක පමණ ආශ්‍රයකින් පසුව දෙදෙනා ඉකුත් වසරේ නොවැම්බර් මාසයේ දී යුග දිවියට එළැඹ තිබේ.
යුග දිවියට එළැඹීම වෙනුවෙන් කොළඹ තරු හෝටලයක පැවැති උත්සවයට ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ද සහභාගි වී ඇත. එම උත්සවයට තමන්ට ආරාධනා නොකළ බව එම කපු මහතා පැවසීය.

උත්සවයෙන් පසු මාස කිහිපයක් ගත වුවද රාජ්‍ය ඇමැතිවරයාගේ මාමණ්ඩියගෙන් පොරොන්දු වූ ආකාරයට ගාස්තුව නොලැබුණු බවත් ඒ පිළිබඳ විමසීමෙන් පසු වරින් වර රුපියල් පන්දහස බැගින් රුපියල් තිස් දහසක් සිය ගිණුමට බැර කර තිබූ බවත් ඒ මහතා සඳහන් කළේය. දියණියට සහකරුවකු සොයා දුන්නේ තමන් බව රාජ්‍ය ඇමැතිවරයා නොදන්නවා ඇතැයි විශ්වාස කරන බවත් මාමාණ්ඩිය දුන් පොරොන්දුව ඉටු නොකිරීම නිසා තමන්ට තවදුරටත් කුලී නිවසක කල් ගෙවීමට සිදු වී ඇති බවත් හෙතෙම කියයි.

මේ පිළිබඳ පැමිණිලි කිරීම සඳහා තමන් පදිංචි ස්ථානයට අයත් හංවැල්ල පොලිස් ස්ථානයට ගිය බව ද එම පොලිසියේ උපදෙස් මත පැමිණිල්ල බියගම පොලිසියට ඉදිරිපත් කළ බවද කපු මහතා සඳහන් කළේය. CIB 2/229/51 අංකය යටතේ ඔහු පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ ඉකුත් 7 වැනිදාය.

– Aruna

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements