Featured News

Video Gossip

Advertisement

කෝටිගානක් වටිනා රෝස පාට රේන්ජ් රෝවර් එකක් පදින ලංකාවේ නිරූපිකාව ත්‍රිකලා ධරණී 
[PHOTOS]

බොහෝ දෙනෙක් ආදරය කරන ඉතා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් තමයි ත්‍රිකලා ධරණි කියන්නේ. ඉතින් 2017 වසරේදී මිසිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගැනීමේ වාසනාව උදා කරගන්නේද මැයයි.

ඇය මූලික අධ්‍යාපනය හදාරලා තියෙන්නේ හොරණ තක්ෂිලා විද්‍යාලයෙන්. ඉතින් ඒ වගේම වෘත්තියෙන් ක්ෂේත්‍රයන් කිහිපයකටම දායකත්වය සපයන ඇය මවක් බිරිදක් ගායිකාවක් රංගන ශිල්පිනියක් වගේම ගුවන් සේවිකාවක් වගේම අපේ රටේ ඉන්න ලාබාලතම විශාරද වරියක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න පුළුවන්.

කොහොම නමුත් නිරූපණ ශිල්පිනියක ලෙසින් ජනප්‍රියත්වයට පත් ලාංකීය තරුණියක කෙරෙහි පසුගිය දින කිහිපයේ ලාංකීය ජනයා ත්‍රිකලා ධරණි ගැන නැවත වරක් සුවිශේෂ අවධානයක් යොමුකර තිබුණා.
ඇත්තෙන්ම මේ නම මේ දවස්වල හැමතැනම හැමෝම වගේ කතාකරන නමක් බවට පත්ව තිබෙනවා. ඊට හේතුව වනුයේ කෝටි ගානක් වටිනා සුපිරි range rover එකක් ඇය ලංකාවට අරගෙන ඒමයි. මෙහි විශේෂත්වය වනුයේ මේ වාහනය සම්පූර්ණයෙන්ම රෝස පැහැයෙන් යුක්ත වීම සහ ලංකාවටම මේ වගේ එක් වාහනයක් තිබීමයි.

ඒ වගේම මේ වාහනේ නම්බර් එක වෙනුවට ඇගේ නම ත්‍රිකලා ධරණී කියල තමයි තිබෙන්නේ. ඇත්තටම මේ වගේ වාහන තියෙන්නේ ලංකාවටම එකක් වන අතර මේ වාහනයේ හිමිකාරිය වනුයේ සුරූපී නිරුපන ශිල්පිනියක්

කොහොමහරි ඉතින් බොහෝදෙනෙකු කිව්වේ නිරූපණය කරල ඔය වගේ දෙයක් ගන්නේ කොහොමද කියලයි. ඉතින් ඒ ගැන ඇය කියන්නේ මෙන්න මේ වගේ කතාවකුයි ” ලංකාවේ අය හිතන්නේ වෙනස් විදිහටයි. මම මොඩ්ලින් කරන්නේ වැඩිපුර ලංකාවේ නෙවෙයි.

ඩුබායි සාජා වගේ . එහෙ අපිට ලොකු ගානක් ගෙවනවා. ලංකාවේ වගේ නෙවෙයි. ඉතින් අපිට සල්ලි හොයන්න පුළුවන්. එයාලා වටිනා ගානක් ගෙවනවා. ඉතින් එහෙ තමයි මම වැඩ කරන්නේ. ලංකාවට වඩා එහෙ වැඩ කරන එක හොදයි. හැම නිරුපිකවක්ටම එහෙම යන්න පුළුවන්.” කියලයි. කොහොම නමුත් මේ සුරූපී නිරූපණ ශිල්පිනිය නිහතමානී චරිතයක් බව ඇගේ කතා විලාසයෙන්ම අපට තේරුම් ගැනීමට පුලුවනි.

මේ වාහනය නිසාවෙන්ම ඇය යූටියුබ් නාලිකාවන් රැසක සාකච්ඡාවන්ට සහභාගි වෙනවා. ඒ විතරක් නොවෙයි මෙරට නිරූපණ ක්ෂේත්‍රය තුළ ඉන්න අනෙකුත් චරිතවලට වඩා ඇය හාත්පසින්ම වෙනස් චරිතයක්. විදෙස් රටවල් රැසක සංචාරය කරමින් නිරූපණ ක්ෂේත්‍රය තුළ සුවිශේෂ ගමනක් යන ඇගේ එක් හීනයක් තමයි ඇය මේ විදිහට සැබෑවක් කරගෙන තිබුනේ.

කෙසේවෙතත් පුංචි දියණියකගේ මවක වෙන ඇය පුංචි දෝනි එක්ක මේ වාහනයේ සැමියාවත් දාගෙන ආදරෙන් යනවා කියලයි කියන්නේ. මේ අතර ඇයනම් කියන්නේ තමන්ට වාහනයක් ගන්න සිහිනයක් තිබෙනවානම් ඒ වෙනුවෙන් කැපවෙන්නේ ඒක අතහරින්න එපා කවදාක හරි පුළුවන් කියලයි.

ඒ වගේම ඩුබායි වල කාන්තාර වල ශුට් කරන්නේ හරි අමාරුයි ඉන්න. ලොකු ගානක් ගෙවනවා. වෙලාවකට එපාවුනත් හීනය මතක් කරන වැඩ කරනවා. ඒ රටවල මොඩ්ලින් කරන අයට වටිනාකමක් තැනක් දෙනවා. ඒ කරන කම්පැනි එයාලා අපි කරන ශුට් එකේ ෆොටෝ දෙන්නේ නැහැ. අපිට.ඒකට හරියන්න ලොකු ගානක් ගෙවනවා.

ෆොටෝ දැම්මත් එයාලා මුණ පෙන්න දාන්නේ නැ ගොඩක් වෙලාවට. මොඩ්ලින් කරන්න ඉන්න යට ඩුබායි සාජා කියන්නේ හොද තැනක් දියුණු වෙන්න පුළුවන් පිළිගැනීමක් ඇතුව වටිනාකමක් ඇතිව වැඩ කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැතිව තමන්ගේ ගෞරවය තියාගෙන කියලයි ඇයනම් කියන්නේ.

ඒ විතරක් නොවෙයි තමන් පිට රටවල් එක්ක වැඩ කරන නිසාවෙන් ලංකාවේ අය ඇය පිළිබඳ ගොඩක් දන්නේ නැහැ කියලයි ඇයනම් කියන්නේ. කොහොම නමුත් ඇගේ මේ නිහතමානී බව අනිවාර්යයෙන්ම ඇයව දිගු ගමනක් රැගෙන යාවි.

ඉතින් අපි ඇගේ ඉදිරි ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල හදවතින්ම සුභ පැතුම් එකතු කරනවා.




gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements