Featured News

Video Gossip

Advertisement

වාහන ආනයනය කරන දිනය ගැන මුදල් අමාත්‍යාංශයේ ලේකම් කියපු කතාව

වාහන ආනයනයට කඩිනමින් වෙළෙඳපොළ විවෘත නොවන බව මුදල් අමාත්‍යංශය පවසනවා. මුදල් අමාත්‍යංශ ලේකම්වරයා අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ බව සඳහන් කර සිටියා.

“අපි වාහන ගෙන්වීම පසුගිය මාර්තු මස නැවැත්තුවා. වාහන ගෙන්වීම සීමාකර තිබෙනවා. මම හිතන්නේ නෑ ප්‍රමුඛතාවය දිය යුතුයි කියලා. සමහරු මා සමග එකඟ වෙන්නේ නැති වෙයි. තවත් මාස 6ක් 7ක් යනතුරු වාහන ආනයනයට කඩිනමින් වෙළෙඳපොළ විවෘත වන්නේ නෑ.”
මේ අතර බදු අය කිරීමට සූදානම් ක්ෂේත්‍ර සහ භාණ්ඩ පිළිබඳව පැවැති මාධ්‍ය හමුවේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ තමන් දේශපාලඥයෙකු වශයෙන් පිළිතුරු දීමට කැමති වුවත්, මුදල් ඇමතිවරයා වශයෙන් පිළිතුරු නොදිය යුතු ප්‍රශ්නයක් බවයි.

මෙහිදී වැඩිදුරටත් ඇමතිවරයා මෙසේ අදහස් පළකර සිටියා,

“බදු අයකර ගන්නා අංශ කිහිපයක් අපි හඳුනාගෙන තියෙනවා. ඒක දැම්ම එළියට දැම්මොත් සමහරවිට අයුතු වාසි ගනී. මට උපදෙස් ලැබුණා ඒ භාණ්ඩ මොනවද කියලා දැම්ම කියන්න එපා කියලා.. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන්. ඒ නිසා බදු අයකරන භාණ්ඩ සහ ඒකෙන් නිදහස් කරන භාණ්ඩ මොනාද කියලා ඉතාම ඉක්මණින් දැනගන්න පුළුවන්. “

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements