Featured News

Video Gossip

Advertisement

කලින් තනිකඩ ජිවිතයට වඩා විවාහ ජීවිතය හොදයි මාධවී ඇන්තනි කියන කතාව

කලාවේ දැවැන්ත චරිතයක් ලෙස ජැක්සන් ඇන්තනී හදුන්වා දිය හැකි අතර, මහජනතාව අතර අතිශය ජනප්‍රියත්වයක් උසුලන්නට ඔහු සමත්ව සිටිනවා.

 එමෙන්ම ඔහුගේ දූ දරුවන්ද කලාවේ නියැලී සිටිනවා. ඔවුන්ද කලාවෙන් ජනප්‍රියත්වයක් ලබා සිටින්නේ පියාගෙන් ලැබුනු කලාව ඉදිරියට ගෙනයමින්.

ඇත්තෙන්ම ඇන්තනි පවුලේ හැමෝම වගේ රංගන ශිල්පීන් ශිල්පිනියන් වෙනවා. ඉතින් මේ ඇන්තනී පවුලේ හැමෝම ආදරේ කරන සුවිශේෂ චරිතයක් තමයි මාධවී වත්සලා ඇන්තනී කියල කියන්නේ. 

කලා නිර්මාණ තුළින් වගේම ගීත ගායනය ඔස්සේත් මාධවී මෙරට ජනයා අතර ගොඩක් ජනප්‍රියයි

කොහොම නමුත් පසුගිය කාලයේ උපන්දින සාදයක් නිසාවෙන් මාධවී පිලිබඳ හැමෝම වගේ කතාවෙන්න පටන් ගත්තා. 

ඉතින් මේ විදියට හැමෝම අතර ප්‍රසිද්ද චරිතයක් වෙන මාධවීට මේවෙනකොට උපත ලබන්නේ වයස වුරුදු 33ක් පමණ වන බවයි අපට දැනගන්නට ලැබුණේ

ඉතින් මේ විදිහට ලාංකිකයන් හැමෝම අතරේ ජනප්‍රියත්වයට පත් ඇය පිළිබඳ කතා කරනවානම් ඇය මේවෙනකොට විවාහකයි. මේ ඇගේ දෙවනි විවාහය වන අතර ඇය පළමුව විවාහ වෙන්නේ ආලෝක ලියනගේ සමගයි. ඒ 2010 වර්ෂයේදීයි.

නමුත් එම විවාහය සාර්ථක වෙන්නේ නෑ, මාධවී සහ ආලෝක 2016 වසරේදී පුද්ගලික හේතු කිහිපයක්මත වෙන්වෙනවා, ඉන්පසු ඇය විවාහ වෙන්නේ මිලාන් ධනංජය සිල්වා සමග ඒ 2019 වසරේදී.මේ වන විට මාධවී ගැන කතා කරද්දී ඇය ජනතා ආකර්ෂණය දිනාගත් දක්ෂ රංගන ශිල්පිනියක්. 

රංගනයට අමතරව ගායනයට ද ඇය සතු අපූරු හැකියාවක් තියෙනවා. මව ගෙන් උරුම වූ අපූරු ගායන කුසලතාවය නිසා ඇය විසින්ම නිකුත් කරපු ‘ ආදරය ඕනෑ කෙරේ’ ගීතයට විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් ආකර්ෂණය වුණා.ඉතින් ඒ වගේම යු ට්යුබ් හරහාත් මේ වන විට ඇය විශාල ජනප්‍රියත්වයක් ලබා ගෙන තිබෙනවා

කොහොමහරි ඉතින් ඇයනම් කියන්නේ තමන්ට රසට කෑම උයන්න පුලුවන් කියලයි. ඒ වගේම ගොඩක් රටවල් වල ආහාර වර්ග ඇයට ගොඩක් රසවත්ව පිලියෙල කරන්න පුලුවන් කියලයි ඇයනම් කියන්නේ. 

ඒ වගේම ඒවා බොහෝ අසාවෙන් රස විඳීමට ඇයගේ සැමියා මිලාන් හරිම කැමති කියලයි ඇයනම් කියන්නේ

එපමණක් නොවෙයි මේ වෙනකොට ඇය සහ මිලාන් ගොඩක් සතුටින් කාලය ගතකරන බවයි ඇය කියන්නේ. ඒ වගේම තනිකඩ ජිවිතයක් ගතකරනවට වඩා විවාහ ජීවිතය හොදයි කියලත් ඇය කියල තිබුනා. 

ඒ වගේම මිලාන් ඇයව හොදින් තේරුම් අරගෙන ඉන්නව කියල වගේම ඇයත් මිලාන්ව හොදින් තේරුම් අරගෙන ඉන්නව කියලයි ඇය අවසාන වශයෙන් කියා සිටියේ.




gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements