ජනපති පුංචි බණ්ඩාගේ ඉල්ලා අස්වීම බාරගනියි - නව ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්? | P. B. Jayasundera
gossip
,
gossip lanka
,
hot news
,
News
,
P. B. Jayasundera
පසුගියදා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා ජනාධිපති ලේකම්, ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා යොමුකළ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බාරගෙන ඇති බව මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ නමුත් මේ දක්වා ජනාධිපති ලේකම් කාර්යාලය මේ බව තහවුරු කර නොමැත.
ජනාධිපති ලේකම් තනතුරින් ඉල්ලා අස්වීම සඳහා පී.බී. ජයසුන්දර මහතා තීරණය කර ඇති බව පසුගිය දිනවලදී වාර්තා විය.
මේ අතර පීබීගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන තනතුර සඳහා ගාමිණී සෙනරත්න මහතා පත් කිරීමට නියමිත බව වාර්තා වේ. ඔහු මේ වනවිට අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කරයි.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන සමයේදී ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම්වරයෙකු ලෙසද කටයුතු කළ සෙනරත් මහතා රාජපක්ෂ පවුලේ අතිශය සමීපමයෙකි.
UN
